නත්තල් දිව්‍ය පූජාව අතර තුර පඬුරු ලෙස ටී – 56 වර්ගයේ ජීව උණ්ඩ දෙකක් සහිත පාර්සලයක් පූජා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බව මාදම්පේ පොලීසිය පවසනවා.
ඊයේ (24) රාත්‍රීයේ මාදම්පේ කතෝලික මීසමේ දේවස්ථාන අටක නත්තල් දිව්‍ය පූජාව පවත්වා තිබෙනවා.
දිව්‍ය පූජාව අතර තුර බැතිමතුන් විසින් පඬුරු පූජා කිරීම සාමාන්‍ය සිරිතක්.
එම දේවස්ථාන අටේ නත්තල් දිව්‍ය පූජාවන් අවසන් වීමෙන් අනතුරුව පඬුරු ලෙස ලැබී ඇති සියල්ල මාදම්පේ මීසමේ ප්‍රධාන දේවස්ථානය වන ශාන්ත සෙබස්තියන් දේවස්ථානයට ගෙනවිත් ඇති බවයි වාර්තා වන්නේ.
එලෙස ගෙනවිත් තිබූ පඬුරු පාර්සල් අතර අසාමාන්‍ය පාර්සලයක් තිබෙන බවක් දේවස්ථානයේ සේවකයෙකු දැක එය පරීක්ෂා කර තිබෙනවා.
එහිදී පාර්සලය තුළ ටී – 56 වර්ගයේ ජීව උණ්ඩ දෙකක් සහ ස්වර්ණාභරණ බර කිරීමට ගන්නා කුඩා ප්‍රමාණයේ මිණුම් පඩි 08ක් තිබියදී සොයා ගැනීමට හැකිව තිබෙනවා.
මේවා කුමන දේවස්ථානයකදී පූජා කළ ඒවා ද යන්න පිළිබදව තහවුරු වී නොමැති බවයි පොලීසිය සඳහන් කළේ.














