නත්තල් දිව්‍ය පූජාව අතර තුර පඬුරු ලෙස ටී-56 ජීව උණ්ඩ පූජා කරලා (ඡායාරූප)

නත්තල් දිව්‍ය පූජාව අතර තුර පඬුරු ලෙස ටී – 56 වර්ගයේ ජීව උණ්ඩ දෙකක් සහිත පාර්සලයක් පූජා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බව මාදම්පේ පොලීසිය පවසනවා.

ඊයේ (24) රාත්‍රීයේ මාදම්පේ කතෝලික මීසමේ දේවස්ථාන අටක නත්තල් දිව්‍ය පූජාව පවත්වා තිබෙනවා.

දිව්‍ය පූජාව අතර තුර බැතිමතුන් විසින් පඬුරු පූජා කිරීම සාමාන්‍ය සිරිතක්.

එම දේවස්ථාන අටේ නත්තල් දිව්‍ය පූජාවන් අවසන් වීමෙන් අනතුරුව පඬුරු ලෙස ලැබී ඇති සියල්ල මාදම්පේ මීසමේ ප්‍රධාන දේවස්ථානය වන ශාන්ත සෙබස්තියන් දේවස්ථානයට ගෙනවිත් ඇති බවයි වාර්තා වන්නේ.

එලෙස ගෙනවිත් තිබූ පඬුරු පාර්සල් අතර අසාමාන්‍ය පාර්සලයක් තිබෙන බවක් දේවස්ථානයේ සේවකයෙකු දැක එය පරීක්ෂා කර තිබෙනවා.

එහිදී පාර්සලය තුළ ටී – 56 වර්ගයේ ජීව උණ්ඩ දෙකක් සහ ස්වර්ණාභරණ බර කිරීමට ගන්නා කුඩා ප්‍රමාණයේ මිණුම් පඩි 08ක් තිබියදී සොයා ගැනීමට හැකිව තිබෙනවා.

මේවා කුමන දේවස්ථානයකදී පූජා කළ ඒවා ද යන්න පිළිබදව තහවුරු වී නොමැති බවයි පොලීසිය සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
7
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කළ ප්‍රබල ප්‍රකාශය - අභියෝගාත්මක තත්ත්වයකට විනිශ්චකාරවරුන් මුහුණ දෙන්නේ
11:48
Video thumbnail
අපි ස#රා#න් එක්කලා ෆොටෝ ගහලා නෑ බොලව් - අපි හැරිලා ගැ#වොත් උඹලට දුවන්න පාරවල් නෑ
11:57
Video thumbnail
දෙහිඅත්තකණ්ඩියට ගිය දිලිත් තරුණයින්ට සමරු සටහනුත් දෙයි..ගොවියන් බඳාගෙන දුක කියයි
03:42
Video thumbnail
ප්‍රධාන සාක්ෂිකරුවන් තුන්දෙනෙක් සියදිසි න#ගෙන - පෙර රජයවල් ලේසියෙන් සාක්ෂි ඉතුරු කරන්නේ නෑ
03:32
Video thumbnail
අලුත්ගම දර්ගා හී නැතිවූ මැකෝ ගිරවාව විමර්ශනයකින් පසු සොයාගයි - හොර ඩබලගේ කෙරුවාව එළියට
04:05
Video thumbnail
මිනිහෙක් පොහොට්ටුවෙන් ඇවිත් දැන් ආණ්ඩුව එක්ක ඩීල් දානවා - මුන්ට වඩා මොළේ තියෙනවා බූ#වන්ට
05:36
Video thumbnail
ශරීරය ලස්සන කරගන්න ගන්නා ද්‍රව්‍ය නිසා වකුගඩු රෝග ඇතිවීමේ ප්‍රවණතාවක් - ඇයි අමාරුවේ වැටෙන්නේ ?
11:34
Video thumbnail
ආශු හදිසියේම ලයිව් ඇවිත් පාර්ලිමේන්තුවේ කිඹුලා පෙන්නයි
01:25
Video thumbnail
ජීවිතයත් ම#ණයත් අතර සටනක සිටි ධීවරයෙකු Navy එකෙන් බේරාගත් අයුරු
00:52
Video thumbnail
රාජාංගනය හාමුදුරුවෝ සියල්ල දන්දී තම මල්ලි ගාවට යයි
01:41