නත්තල් දිනය වෙනුවෙන් සිරකරුවන් පිරිසකට නිදහස

නත්තල් දිනය වෙනුවෙන් ජනාධිපතිවරයා වෙත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 වන වගන්තියෙන් පැවරී ඇති බලතල අනුව බන්ධනාගාරගත සිරකරුවන් හට විශේෂ රාජ්‍ය සමාවක් ලබාදීමට තීරණය කර තිබෙනවා.

මෙම සිරකරුවන්ට කොන්දේසි හා සීමාවන්ට යටත්ව මෙම පොදු සමාව ප්‍රදානය කර ඇති බවයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් ගාමිණි බී. දිසානායක මහතා සඳහන් කළේ.

ඒ අනුව බන්ධනාගාර ගතව 25 වනදා වන විට ද සිර දඬුවම් විඳිමින් සිටින සිරකරුවන් හට ගතකරන ලද වසරකට හෝ ඉන් කොටසකට මාස 01 සමාවක් ලබා දී තිබෙනවා.

දඩ මුදල් නොගෙවීම මත 25 වනදා වන විට සිර දඬුවම් විදිමින් සිටින සිරකරුවන්ගේ ගෙවමින් පවතින දඬුවමේ ශේෂය ද අහෝසි කිරීමටයි තීරණය කර ඇත්තේ.

එමෙන්ම 25 වනදා වන විට විට නියමකර ඇති සිර දඬුවමින් හරි අඩක් හෝ ඊට වැඩි කාලයක් ගෙවා ඇති, වයස අවුරුදු 65ක් ඉක්මවා ඇති සිරකරුවන්ගේ සිරදඬුවමේ ඉදිරි ශේෂය ද අහෝසි කර තිබෙනවා.

වසර 40ක් හෝ ඊට වැඩි සිර දඬුවම් නියම කර ඇති, 25 වන දිනට, එම දඩුවමින් වසර 20ක කාලයක් ගෙවා අවසන් කර ඇති (මහාධිකරණයෙන් දඩුවම් නියම කල දිනයේ සිට) සිරකරුවන්ගේ දඩුවමේ ඉදිරි ශේෂය ද අහෝසි කර ඇති බව සඳහන්.

25 වනදා වන විට මත්ද්‍රව්‍ය චෝදනා සම්බන්ධයෙන් වරදකරුවන් කර ඒ සඳහා (දඩ මුදල් නොගෙවීම මත නියමකර ඇති සිර දඬුවම්ද ඇතුලත්ව) පුනරුත්ථාපනයට යොමු කර ඇති සිරකරුවන්ගේ නියමකර ඇති පුනරුත්ථාපන කාලයෙන් හරි අඩක් හෝ ඊට වැඩි කාලයක් ගෙවා අවසන් කර ඇති රැඳවියන්ගේ එම පුනරුත්ථාපන කාලයේ ඉදිරි ශේෂය 1999 අංක 46 දරණ පනත පරිදි ප්‍රජා විශෝධන නිලධාරීයෙකුගේ අධීක්ෂණය යටතේ ගත කිරීමට ද අවස්ථාව ලබාදී තිබෙනවා.

මෙම ජනාධිපති පොදු සමාව ප්‍රදානය කිරීම අනුව, සමාවට සුදුසුකම් ලබන සිරකරුවන් දිවයිනේ සෑම බන්ධනාගාරයකින්ම නිදහස් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රාජිතගෙන් ආණ්ඩුවට උපදෙස්..අද කොහෙද නිදහස් සෞඛ්‍යයක් තියෙන්නේ..අපේ කාලේ 100%ක් තිබුණා
07:56
Video thumbnail
දිට්වා නිසා සහල්වලට වෙන්න යන දේ මෙන්න..මහ කන්නය අවසානයේදී වී අස්වැන්නේ අඩුවක්
07:59
Video thumbnail
වැලිගම සභාපති ධුරයේ ඡන්ද විමසුම දින නොමැතිව කල් යයි..
03:31
Video thumbnail
මාධ්‍ය ආයතනවලට තර්ජනය කරන එක බරපතළ ඛේදවාචකයක්
02:53
Video thumbnail
කෙහෙළිය වගේම නලින්දත් හිරෙට යන්න ඕනේ..සාධාරණ පරීක්‍ෂණයක් ඉටු කර දෙන ලෙස ඉල්ලලා CIDයට පැමිණිල්ලක්.
05:25
Video thumbnail
පනත නොතිබ්බත් මුන් හැමතැනටම ඇඟිලි ග#නවනේ.. අපිලාගේ සාදු ලෙසටම දෙසයි
04:52
Video thumbnail
මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ බෝ#බ බියක්
00:27
Video thumbnail
මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ බෝ#බ බියක්.. ආරක්ෂක අංශ හදිසි සෝදිසියක්
01:57
Video thumbnail
3 හැවිරිදි දියණියෙකුට ජීවිතය අහිමි කළ බිහිසුණු අනතුර
01:06
Video thumbnail
නීතිය දන්නේ නැත්තම් ගෙදරට වෙලා ඉන්න - පිස්සෙක් වගේ කෑගහන්න එපා
02:39


?