නත්තල් දිනය වෙනුවෙන් සිරකරුවන් පිරිසකට නිදහස

නත්තල් දිනය වෙනුවෙන් ජනාධිපතිවරයා වෙත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 වන වගන්තියෙන් පැවරී ඇති බලතල අනුව බන්ධනාගාරගත සිරකරුවන් හට විශේෂ රාජ්‍ය සමාවක් ලබාදීමට තීරණය කර තිබෙනවා.

මෙම සිරකරුවන්ට කොන්දේසි හා සීමාවන්ට යටත්ව මෙම පොදු සමාව ප්‍රදානය කර ඇති බවයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් ගාමිණි බී. දිසානායක මහතා සඳහන් කළේ.

ඒ අනුව බන්ධනාගාර ගතව 25 වනදා වන විට ද සිර දඬුවම් විඳිමින් සිටින සිරකරුවන් හට ගතකරන ලද වසරකට හෝ ඉන් කොටසකට මාස 01 සමාවක් ලබා දී තිබෙනවා.

දඩ මුදල් නොගෙවීම මත 25 වනදා වන විට සිර දඬුවම් විදිමින් සිටින සිරකරුවන්ගේ ගෙවමින් පවතින දඬුවමේ ශේෂය ද අහෝසි කිරීමටයි තීරණය කර ඇත්තේ.

එමෙන්ම 25 වනදා වන විට විට නියමකර ඇති සිර දඬුවමින් හරි අඩක් හෝ ඊට වැඩි කාලයක් ගෙවා ඇති, වයස අවුරුදු 65ක් ඉක්මවා ඇති සිරකරුවන්ගේ සිරදඬුවමේ ඉදිරි ශේෂය ද අහෝසි කර තිබෙනවා.

වසර 40ක් හෝ ඊට වැඩි සිර දඬුවම් නියම කර ඇති, 25 වන දිනට, එම දඩුවමින් වසර 20ක කාලයක් ගෙවා අවසන් කර ඇති (මහාධිකරණයෙන් දඩුවම් නියම කල දිනයේ සිට) සිරකරුවන්ගේ දඩුවමේ ඉදිරි ශේෂය ද අහෝසි කර ඇති බව සඳහන්.

25 වනදා වන විට මත්ද්‍රව්‍ය චෝදනා සම්බන්ධයෙන් වරදකරුවන් කර ඒ සඳහා (දඩ මුදල් නොගෙවීම මත නියමකර ඇති සිර දඬුවම්ද ඇතුලත්ව) පුනරුත්ථාපනයට යොමු කර ඇති සිරකරුවන්ගේ නියමකර ඇති පුනරුත්ථාපන කාලයෙන් හරි අඩක් හෝ ඊට වැඩි කාලයක් ගෙවා අවසන් කර ඇති රැඳවියන්ගේ එම පුනරුත්ථාපන කාලයේ ඉදිරි ශේෂය 1999 අංක 46 දරණ පනත පරිදි ප්‍රජා විශෝධන නිලධාරීයෙකුගේ අධීක්ෂණය යටතේ ගත කිරීමට ද අවස්ථාව ලබාදී තිබෙනවා.

මෙම ජනාධිපති පොදු සමාව ප්‍රදානය කිරීම අනුව, සමාවට සුදුසුකම් ලබන සිරකරුවන් දිවයිනේ සෑම බන්ධනාගාරයකින්ම නිදහස් කිරීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"බලන්න ජනාධිපතිතුමාගේ ඒ සරළ නිහතමානීකම"
00:19
Video thumbnail
ශිරන්ති ෆ්ලයිට් එකට නගින්න විනාඩි 5කට කළින් දුවගෙන ඇවිල්ලා FCID එන්න කියලා
01:06
Video thumbnail
ගොවි රැළියට ආවේ ගොවියෝ නෙවෙයිද ?ඔය චෝදනාව අපි බාරගන්නේ නෑ - විහිළු කතා
03:00
Video thumbnail
අර්චුනාට පිස්සු ද..? අපි අනුකම්පාවෙන් බලන්න ඕනේ
03:44
Video thumbnail
මන්දකට හසුවූ කොටියව බේරගද්දි නොසිතූ ප්‍ර#රයක් - සංවේදී දර්ශන සහිතයි
02:01
Video thumbnail
නාමල්ව නවත්වන්න මේ ආණ්ඩුවට කිසිසේත්ම බෑ
01:38
Video thumbnail
නාමල් අන්තිමට කියලා ගිය දේ.. මම උත්තර දුන්නොත් මහත්තුරුන්ට ප්‍රශ්නයක් වෙනවා
00:54
Video thumbnail
රාජපක්ෂ පවුලේ නඩු නැති කෙනෙක් නෑනේ - අනේ අර වයසක උන්දටත් නඩුනේ..කට්ටියගේ ලෙඩ වැඩිවෙලා
01:40
Video thumbnail
අනුරාධපුරට ලක්ෂ ගාණක් වෙන් කළා නේද.. කෝ ඒවා..?
02:07
Video thumbnail
නාමල්ගේ සගයන් කොටුව උසාවියට එයි
00:32