AFC Banner
Empty Ad
Empty Ad

නඩු භාණ්ඩ කාමරයේ බඩු සොරකම් කළ කොස්තාපල්ට වැඩ වරදී

කල්පිටිය මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ කාමරයේ ගබඩා කර තිබූ කෘෂි රසායණික පැකට් තොගයක් සොරකම් කර ගෙන යාමට උත්සාහ කළ පොලිස් කොස්තාපල්වරයෙකුව කල්පිටිය පොලීසියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (26) දින සවස මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

අත්අඩංගුවට ගෙන ඇත්තේ කල්පිටිය පොලීසියට අනියුක්තව සේවය කරන ගාමිණී බණ්ඩාර නම් කොස්තාපල්වරයෙක්.

ඔහු ආණමඩුව ජල පොම්පාගාරය ආසන්නයේ පදිංචිකරුවෙකු බවට හදුනා ගෙන තිබෙනවා.

කල්පිටිය මහේස්ත්‍රාත් අධිකරණයේ දෛනික ආරක්ෂක රාජකාරි සඳහා සැකකාර පොලිස් නිලධාරියාව ඊයේ (26) දින අනියුක්ත කර තිබුණා.

ඔහු රාජකාරි අවසන් කර නිවස බලා යාමේදී තම යතුරු පැදියෙහි කිසියම් දෙයක් බහාලූ කාඩ්බෝඩ් පෙට්ටියක් රැගෙන් යනු දුටු තැනැත්තෙක් ඒ පිළිබඳව කල්පිටිය පොලීසියේ වැඩ බලන ස්ථානාධිපතිවරයා වෙත දැනුම් දී ඇතැයි අප වාර්තාකරු සඳහන් කළා.

ඒ අනුව අධිකරණය වෙත පැමිණ ඇති වැඩ බලන ස්ථානාධිපතිවරයා සැකකාර පොලිස් නිලධාරියා තම යතුරු පැදියෙන් ගෙන යාමට උත්සාහ කර ඇත්තේ කුමක්ද යන්න පරීක්ෂා කර තිබෙනවා.

පරීක්ෂා කිරීමෙන් අනතුරුව එහි තිබී කිලෝ ග්‍රෑම් 01 බැගින් වූ කෘෂි රසායණික ද්‍රව්‍ය අඩංගු පෙට්ටි 12 ක් වැඩ බලන ස්ථානාධිපතිවරයා තම භාරයට ගෙන තිබුණා.

සැකකරු සොරකම් කර රැගෙන යාමට උත්සාහ කර ඇත්තේ කල්පිටිය මහේස්ත්‍රාත් අධිකරණයේ තැම්පත් කර තිබූ නඩු භාණ්ඩ බව පසුව කරන ලද විමර්ශණයේදී අනාවරණය වී තිබෙනවා.

සැකකරු නඩු භාණ්ඩ කාමරයේ තිබී මෙම කෘෂි රසායණික පැකට් පිටතට ගෙන ඇති ආකාරය මෙතෙක් අනාවරණය වී නැහැ.

සැකකරු පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?