ලෝක ජල දිනයට සමගාමී ව පවත්වන සැමරුම් උලෙළට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය

ජල දූෂණය සහ මානව සෞඛ්‍ය සේවාවන් පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරමින් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය විසින් 2015 වර්ෂයේ දී සිය ප්‍රථම පර්යේෂණ සම්මන්ත්‍රණය පවත්වනු ලැබුවා.

ඉන් පසු එම සම්මන්ත්‍රණය 2022 වර්ෂය දක්වා දේශීය ආයතන සහ පුද්ගලයින් සම්බන්ධ කර ගනිමින් අඛණ්ඩව පවත්වා තිබෙනවා.

2022 වර්ෂයේදී ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය විසින් ජලය සහ සනීපාරක්ෂාව සඳහා වූ විශිෂ්ටතා කේන්ද්‍රය පිහිටුවා ඇති අතර, ජාත්‍යන්තර ජල සම්මේලනය – 2022 සහ 7 වන පර්යේෂණ සම්මන්ත්‍රණය දේශීය මෙන්ම විදේශීය ආරාධිතයින්ගේ සහභාගිත්වයෙන් පවත්වා තිබෙනවා.

2023 වර්ෂයේදී පැවති ජාත්‍යන්තර ජල සම්මේලනය හා 8 වන පර්යේෂණ සම්මන්ත්‍රණය සඳහා රටවල් 09ක් සහභාගි වී ඇති.

“නවෝත්පාදන පර්යේෂණ ඩිජිටල්කරණය සහ අනාගතය සඳහා ඔරොත්තු දීමේ හැකියාව තුළින් තිරසර ජලය සහ අපජල කළමනාකරණය” යන තේමාව යටතේ ජාත්‍යන්තර ජල සම්මේලනය – 2025 සහ 9 වන පර්යේෂණ සම්මන්ත්‍රණය 2025 මාර්තු මස 19 සහ 20 යන දිනයන්හිදී ජලය සහ සනීපාරක්ෂාව සඳහා වූ විශිෂ්ටතා කේන්ද්‍රයේදී පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

ජාත්‍යන්තර ජල සම්මේලනයට සමගාමීව මාර්තු මස 22 දිනට යෙදෙන ලෝක ජල දිනය සැමරීම සඳහා සහ ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ 50 වන සංවත්සරය සැමරීමට මාර්තු මස 21 වන දින වැඩසටහනක් ද සැලසුම් කර ඇති බවයි වාර්තා වන්නේ.

පර්යේෂණ සම්මන්ත්‍රණයේදී ජාත්‍යන්තර හා දේශීය පර්යේෂණ 100ක් පමණ එළිදැක්වීමටත්, ඒ සඳහා දේශීය මෙන්ම විදේශීය ආයතන නියෝජනය කරන 600කට වැඩි පිරිසක් සහභාගි කරවා ගැනීමටත් අපේක්ෂා කෙරෙනු ඇති.

එකී වැඩසටහන් ක්‍රියාත්මක කිරීම පිණිස නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරනු ලැබුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි හිරේ දැම්මත්, ජම්පරේ ඇන්දුවත් සටන අත් හරින්නේ නෑ - උන්වහන්සේ අපි වෙනුවෙන් හිරබත් කනවා
04:07
Video thumbnail
මහා සංඝ රත්නය ඥානසාර හිමි වෙනුවෙන් මහනුවර සිට අරඹපු පා ගමන - දහස් ගණනක් දළඳා මාළිගාවට එකතුවෙයි
01:31
Video thumbnail
හරියට කරනවනම් කරපල්ලා..නැත්තම් දාලා පලයල්ලා - අනුරලා රජ වෙන්න ඉස්සර අරිහත් ධජයේ හැංඟිලා හිටියේ
09:57
Video thumbnail
මෛත්‍රී ගුණරත්න ආණ්ඩුවට දෙහි ක#පයි - සදාචාරයට පටහැනි දේවල් මේ ජනපති කරන්නේ
04:07
Video thumbnail
අනේ දෙයියනේ..අද ජාතියේ මුරදේවතාවන්ට ග#න ගැ#හිල්ල - සිවුරට අත තියනවනම් සියපාරක් හිතන්න ඕනි
03:09
Video thumbnail
චීවරය ගැන කට ඇරිය රාජිත - බුදුහාමුදුරුවෝ ගියේ නෑ රාජමාළිගාවලට..විලිලැජ්ජා නැති කතාද මේ
05:21
Video thumbnail
රාජ්‍ය බැංකුවේ මුදල් පෞද්ගලික ගිණුමට දාගත්ත පුද්ගලයට වසර 35ක සිරදඬුවම්
02:20
Video thumbnail
මහ රෑ නිවසට කඩා පැන්න අලියා කරපු දේ - පලයන් අප්පච්චි මගේ..පලයන් - හොඳ දෙයියනේ..
03:51
Video thumbnail
"අපි හැමෝම අතින් සුළු සුළු වැරදි වෙනවා" ඥානසාර හිමිට නිදහස පතා අත්සන් දස ලක්ෂයේ වැඩසටහන කළුතරදී
01:43
Video thumbnail
ඥානසාර හිමි වෙනුවෙන් පෙරට ආ හිමිවරුන් - සමහර රජයන්ට ස්වාමීන්වහන්සේලා හරිම අප්‍රියයි
06:19