සුජීව සේනසිංහට එරෙහිව ඇති පෙත්සම ගැන නියෝගය ලබන 11 වැනිදා

නීතිවිරෝධී ලෙස වාහනයක් එකලස් කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතා වෙත කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් නිකුත් කර තිබෙන සිතාසිය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ඉදිරිපත් කර ඇති පෙත්සම පිළිබඳ නියෝගය ලබන 11 වැනිදා ප්‍රකාශයට පත් කරන බව අභියාචනාධිකරණය දැනුම් දුන්නා.

එමෙන්ම එම සිතාසිය ක්‍රියාත්මක කිරිම වළක්වාලමින් නිකුත් කර ඇති අතුරු තහනම් නියෝගය ද එදින දක්වා දිර්ඝ කරන බව ද එහිදී අධිකරණය නියෝග කළ බවයි දසත අධිකරණ වාර්තාකරු පැවසුවේ.

සුජීව සේනසිංහ මහතා විසින් ඉදිරිපත් කළ ඒ පෙත්සම අභියාචනාධිකරණ විනිසුරු සභාපති මොහොමඩ් ලෆාර් තාහීර් මහතා ඉදිරියේ අද (04) නඩුව කැඳවූවා.

සුජීව සේනසිංහ මහතා සිය පෙත්සම තුළින් සඳහන් කර තිබෙන්නේ නීතිවිරෝධී ලෙස වාහන එකලස් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය තමන්ට ලබන 05 වැනිදා එම අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා සිතාසි නිකුත් කර තිබෙන බවයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම සිතාසිය ලබාගෙන තිබෙන්නේ වැරදි සහගත කරුණු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් බවත් එම ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බවත් ඔහු සිය පෙත්සමේ සඳහන් කරනවා.

ඒ අනුව කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් තමා වෙත නිකුත් කර තිබෙන සිතාසිය බලරහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙසත් මෙම පෙත්සම විභාග කොට අවසන් තීන්දුවක් ප්‍රකාශයට පත්කරන තුරු අදාළ සිතාසිය ක්‍රියාත්මක කිරීම වැළැක්වීමේ අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසත් සුජීව සේනසිංහ මහතා සිය පෙත්සමෙන් වැඩිදුරටත් ඉල්ලා තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
25ස් හැවිරිදී තරුණයෙකු එළොව යැවූ බිහිසුණු අනතුර
00:38
Video thumbnail
අත්තිඩියේදී කාර් රථයක් හදිසියේම ගිනිගන්නා අයුරු
01:10
Video thumbnail
අත්තිඩියේදී කාර් රථයක් හදිසියේම ගිනිගන්නා අයුරු - දෙවියනේ..මහ ගින්නක්
01:24
Video thumbnail
"කරුණාකරලා යන්න.. මෙතන ඉන්න එපා.. මොන එහෙකටද ඇම්බියුලන්ස් ගෙන්නුවේ."
01:09
Video thumbnail
ඇම්බියුලන්ස් එකක් නිසා සජිත්ට යකා නගියි - ඇයි අර ඇම්බියුලන්ස්..කරුණාකරලා යන්න ඉස්පිරිතාලෙට
02:25
Video thumbnail
නංගිව පෙන්නලා ආච්චිව දෙන්නයි යන්නේ..ආච්චි භයානකයි..රනිල් කවුද? අනිල් කවුද?
02:37
Video thumbnail
හිමි නමක් කොට්ටහච්චිට දෙසයි - පාස්පෝට් එකක් අරගෙන ගිහින් උගන්ඩාවේ සල්ලි අරන් එන්ඩ...?
03:21
Video thumbnail
ජිනානන්ද හිමිගෙන් ආණ්ඩුවට චෝදනා - පැලවත්තේ කල්ලිය රටට එරෙහි කුමන්ත්‍රණයක් කරනවා ?
01:38
Video thumbnail
පිරිසිදු ජල සිහිනය සිහිනයක්ම නොවෙන්න දුන් සජිත් ප්‍රේමදාස - ගොඩක් පින් සිද්ධවෙනවා..උතුම් වැඩක්
03:38
Video thumbnail
අනුර සහෝදරයෝ පාස්පෝට් එක දීලා කොට්ටහච්චිව යවන්න සල්ලි ගේන්න උගණ්ඩාවට..
00:22