ධීවර හා ජලජ සම්පත් (සංශෝධන) පනත් කෙටුම්පතට ආංශික අධීක්ෂණ කාරක සභාවේ අනුමැතිය

1996 අංක 2 දරන ධීවර හා ජලජ සම්පත් පනත සංශෝධනය කිරීම සදහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද ධීවර හා ජලජ සම්පත් (සංශෝධන) පනත් කෙටුම්පතට ආහාර සුරක්ෂිතතාව හා කෘෂිකර්මය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ අනුමැතිය හිමිවී තිබෙනවා.

ආහාර සුරක්ෂිතතාව හා කෘෂිකර්මය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී. වීරසිංහගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ රැස්‌වූ අවස්ථාවේදීයි මෙම අනුමැතිය ලබා දීම සිදු වූයේ.

මෙම රැස්වීමට ධීවර අමාත්‍යාංශයේ ලේකම් ඇතුළු නිලධාරීන් පිරිසක් සහ ආංශික අධීක්ෂණ කාරක සභාව සඳහා පත්කරන ලද තරුණ නියෝජිතයන් සහභාගී වුණා.

නීති විරෝධී, වාර්තා නොවූ සහ අවිධිමත් (IUU) ධීවර කටයුතුවලදී, දැනට පවතින නීතිමය ප්‍රතිපාදන යටතේ වරදකරුවෙකු ලෙස සලකනු ලබන්නේ බලපත්‍රලාභියා පමණයි.

නමුත්, බලපත්‍රලාභියා කවරේද යන්න ධීවර පනතේ අර්ථ නිරූපණය කර නොමැති බැවින් නීතිමය පියවර ගැනීමේ දී බාධා ඇතිවී තිබෙනවා. නව සංශෝධන හරහා බෝට්ටුවේ අයිතිකරු, බෝට්ටුවේ නියමුවා, එහි කාර්ය මණ්ඩලයේ යම් සාමාජිකයෙකු සහ එම බෝට්ටුවේ ගමන් කරන තැනැත්තෙකු එම වරදට වගකිවයුතු කෙනෙකු ලෙස සැලකීම ඇතුළු කරුණු පනත් කෙටුම්පතට සංශෝධන ලෙස ඇතුළත් කර ඇති බවයි නිලධාරින් සඳහන් කළේ. එසේම, මෙම විධිවිධාන සංශෝධනය කරන ලෙස ධීවර සංගම් ද ඉල්ලීම් කර ඇති බව ද නිලධාරීන් වැඩිදුරටත් ප්‍රකාශ කළා.

ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා විසින් 2023 ජූලි 05 වැනිදා පාර්ලිමේන්තුවේ පළමු වර කියවීම සඳහා ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, පනත් කෙටුම්පත ශ්‍රේෂ්ඨාධිකරණයේ අභියෝගයට ලක් කරනු ලැබුවා. ඒ අනුව, ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදුන් තීන්දුවට ප්‍රකාරව පනත් කෙටුම්පතේ කාරක සභා අවස්ථාවේ ඉදිරිපත්කිරීමට නියමිත සංශෝධන පිළිබඳව ද මෙහි දී සාකච්ඡා කර අනුමැතිය ලබාදී තිබෙනවා.

තවද, ධීවර කටයුතුවල යෙදෙන බෝට්ටු අනතුරට පත් වන විට අනතුරට පත් වූවන්ට කඩිනම් සහන සැලසීමට සහ නීතිමය ක්‍රියාමාර්ග ලබා ගැනීමට අමාත්‍යාංශයෙන් පත් කළ නිලධාරීන් නොමැති බවයි කාරක සභාවේ සභාපති ඩී. වීරසිංහ මහතා පෙන්වා දුන්නේ. වෙරළබඩ දිස්ත්‍රික්ක 15ක ධීවර කාර්යාල ඇති බවත් ඒ සඳහා ධීවර පරීක්ෂකවරුන් සහ සංවර්ධන නිලධාරීන් පත් කර ඇති බවත් නිලධාරීන් සඳහන් කළා. එසේම, සෑම ප්‍රදේශයකම නාවික හමුදාවේ සහය ද ලබා ගන්නා බව ද නිලධාරීන් පෙන්වා දී තිබෙනවා. කෙසේ වෙතත්, වෙනත් ප්‍රදේශවලින් පැමිණෙන පුද්ගලයින්ට අදාළ ප්‍රදේශයේ ධීවර පරීක්ෂකවරුන්ව නොහඳුනන බැවින් ඕනෑම ප්‍රදේශයක ධීවරයින්ට හදිසි අනතුරු සිදුවුවහොත් වහාම ඇමතිය හැකි හදිසි ඇමතුම් සේවාවක් හඳුන්වාදීමට පියවර ගන්නා ලෙසටයි කාරක සභාවේ සභාපතිවරයා නිර්දේශ කර ඇත්තේ.

මෙයට අමතරව, ධීවරයින් විසින් වෙරළාශ්‍රිතව ඉදිකරන ලද තාවකාලික ධීවර වාඩිය සඳහා අවසර ලබා දීම සම්බන්ධ කරුණු, ධීවර බෝට්ටුවල ප්‍රමිතිය, බෝට්ටුවලට ඇති රක්ෂණ සහ මිරිදිය මසුන් වගාව ඇතුළු කරුණු පිළිබඳව ද මෙහි දී සාකච්ඡා කෙරුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතාව අස්සේ අර්චුනාට ආ කෑම ප්‍රශ්නය.."මොන මඟුල් පාර්ලිමේන්තුවක්ද මේක..කෑම නෑ පාර්ලිමේන්තුවේ
01:19
Video thumbnail
"මෙරට සිදුවූ සෑම ව්‍යසනයකදීම සාක්ෂිකාරයින් වුණේ පොලිසිය"වැටිච්ච තැනින් නැගිටින්න මේ හොඳම අවස්ථාව
10:21
Video thumbnail
විමල් වීරවංශ අපේ නායකයා හිටියනම් අද එක්කෝ ජනාධිපති නැත්තම් අගමැති වෙන්න තිබුණා
10:22
Video thumbnail
රෝහිණී පාර්ලිමේන්තුව දෙවනත් කරයි.."උද්#ච්චකම තියන් වැඩ කරන්න එපා Please"
09:17
Video thumbnail
කුකුල් කූඩුවකට රිංගූ සුදු නාගයෙකු දැඩි පරිශ්‍රමයක් දරා අල්ලාගත් හැටි.."මේකට ග#යි යකෝ ගනින් ගිහින්"
04:14
Video thumbnail
20 - 20 ලෝක කුසලානය තෙක් කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානකව පත්කරයි
03:05
Video thumbnail
ශාන්තිකර්මයක් කරන අස්සේ කපුවෙකුට‍ කිනිසි පෙන්නලා රත්තරං මංකොල්ල කෑ පුද්ගලයෙකුට වැඩ වරදියි
00:55
Video thumbnail
වැඩ තහනම් කෙරූ වෛද්‍ය බෙල්ලෙන බඩු මුට්ටුත් අකුලන් දොට්ට බහියී..රස්සාවක් නැතිවුණොත් මං හිඟා කනවා
02:13
Video thumbnail
අජිත්ගේ අධි නීතිඥකමක් නිසා සජිත් හර්ෂණ පාර්ලිමේන්තුවේ රත්වෙයි.."රටේ අධි නීතිඥ කියලා තනතුරක් නෑ"
03:46
Video thumbnail
පාස්කු ප්‍රහාරයට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනේ රාජපක්ෂලා..වැස්ස නවත්තන්න ඇයි අනුර, වැහි දෙයියො ද ?
10:37


?