කළුතර, මොරගල්ල ප්‍රදේශයේ දී ධීවර කටයුතු සදහා මුහුදු ගිය ධීවර බෝට්ටුවක් පෙරළී එහි ගමන්ගත් ධීවරයින් දෙදෙනෙකු අතුරුදන්ව තිබෙනවා.
මෙලෙස අතුරුදන්ව ඇත්තේ ධනුෂා මැරීන් නැමැති ධීවර බෝට්ටුවේ ගමන් කළ අලුත්ගම ප්‍රදේශයේ පදිංචිව සිටි නඳුන් කුමාර සහ ඔහුගේ සහෝදරයා වන දුමින්ද කුමාර නැමැති දෙදෙනෙක්.
අතුරුදන් පුද්ගලයින් දෙදෙනා සෙවීමේ කටයුතු මේ වනවිට ආරම්භ කර ඇති බවයි දසත නිවුස් වාර්තාකරු සඳහන් කළේ.
මේ අතර අනතුරට පත් බෝට්ටුව වෙරළට රැගෙන විත් ඇති බව වාර්තා වනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
4
+1
+1





