ධීවරයින් පිරිසක් ජනපති ලේකම් කාර්යාලය ඉදිරිපිට සත්‍යග්‍රහයක් ආරම්භ කරයි

මා දැල් ධීවරයන් කර්මාන්තයට යාන්ත්‍රික තාක්ෂණය භාවිතා කිරීම තහනම් කිරීමට රජය ගෙන ඇති තීරණයට විරෝධය පළ කරමින් ධීවරයන් පිරිසක් අද (05) ජනාධිපති ලේකම් කාර්යාලය අසළ විරෝධතාවයක නිරත වුණා.

විරෝධතාකරුවන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දෙසට ගමන් කරමින් අතරතුර පොලිසිය විසින් ඔවුන් වැළක්වීමට කටයුතු කළා.

මේ අතර විරෝධතාකරුවන් අතරින් පස්දෙනෙක්ට ජනාධිපති ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂක ජනරාල්වරයෙක් සමඟ සාකච්ඡාවක් ලබා දෙන බව නිලධාරීන් සඳහන් කර තිබෙනවා.

කෙසේ වෙතත් එම සාකච්ඡාව සඳහා සහභාගී වූ ධිවර නියෝජිතයන් පිරිසට ජනාධිපති ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂක ජනරාල්වරයෙක් හමු නොවුණු බවත් වෙනත් නිලධාරියෙක් සමඟ සාකච්ඡාවක් සිදුකළද එම සාකච්ඡාව සාර්ථක නොවූ නිසා ජනාධිපතිවරයා සමඟ සාකච්ඡාවක් ලබා දෙන තුරු ජනාධිපති ලේකම් කාර්යාලය අසල අඛණ්ඩ රැඳී සිටින බව විරෝධකරුවන් සඳහන් කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
1
+1
1
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !