ධීවරයින්ට නව විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය අද ඇරඹේ

ධීවරයින් වෙනුවෙන් වන නව විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය අද (22) ආරම්භ වනවා.

මෙහි සමාරම්භක උත්සවය අග්‍රාමාත්‍ය හරිනි අමරසුරියගේ ප්‍රධානත්වයෙන් අද (22) පෙරවරුවේ කොළඹ නෙළුම්කුළුණ පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතයි.

මෙම විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය හරහා වයස අවුරුදු 60 සම්පූර්ණ වූ පසු ප්‍රතිලාභ ලබාගැනීමට හැකියාව පවතින බවයි
කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය සඳහන් කළේ.

මේ අතර ඊයේ (21) දිනට දී තිබූ ලෝක ධීවර දින සැමරුමට සමගාමීව ධීවර,ජලජ සහ සාගර සම්පත් අමාත්‍යංශය සංවිධාන කළ ඇක්වා ප්ලැනට් ශ්‍රී ලංකා – 2025 ප්‍රදර්ශනය ඊයේ ආරම්භ වුණේ අග්‍රාමාත්‍යවරියයේ ප්‍රධානත්වයෙන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?