ධීවරයින්ට ඉන්ධන ලීටරයකට රුපියල් 25ක සහනාධාරයක්

ධීවර කර්මාන්තයේ යෙදෙන්නන්ට ඉන්ධන ලීටරයකට රුපියල් 25 ක සහනාධාරයක් දීමට ලබන ඔක්තෝබර් පළමුවැනි දා සිට වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව සමස්ථ ලංකා පොදු ධීවර සමිති සම්මේලනයේ ජාතික සංවිධායක රත්න ගමගේ පවසනවා.

අම්බලන්ගොඩ ධීවර වරාය සංකීර්ණයේ පැවති ධීවර ජන හමුවකදී සමස්ත ලංකා පොදු ධීවරය සමති සම්මේලනයේ ජාතික සංවිධායක රත්න ගමගේ මහතා පැවසුවේ වත්මන් ජනාධිපතිතුමා ඇතුළු රජය මේ රටේ ධීවර කර්මාන්තය සම්බන්ධයෙන් ධීවර ජනතාවට සහන රැසක් ලබාදීමට ද කටයුතු කර ඇති බවයි.

ඒ අනුව ඔක්තෝබර් මාසයේ පළවෙනිදා සිට සියලුම ධීවරයන් සඳහා ඉන්ධන සහනාධාරයක් ලබාදීමට කටයුතු කරන අතර මෙම ඉන්ධන සහනාධාරය බහුජන යාත්‍රා සඳහා ධීවර වරායෙන් එම යාත්‍රාව පිටවීමට පෙර යාත්‍රාවට ඇතුළත් කරන ඩීසල් ලීටර් එකට රුපියල් 25 බැගින්
සහනාධාරයක් ලබාදීමට කටයුතු කර තිබෙනවා.

එසේම කුඩා යාත්‍රා සඳහා සෑම භූමි තෙල් ලීටර් 15කටම ලීටරයට රුපියල් 25 බැගින් ද ඒ වගේම දින 25ක් සඳහා භූමිතෙල් සහනාධාරයක් ලබා දෙන බැවින් ධීවරයන්ට රුපියල් 9375ක ඉන්ධන සහනාධාරයක් මාසිකව මාසිකව ලැබෙන අතර මේ ක්‍රමවේදයට අදාළ ධීවර වරායන්
තොටුපොලවල් ආශ්‍රිතව කටයුතු කරන නිලධාරීන් හරහා සිදු කිරීමට සැලසුම් කර ඇති බව ඔහු පෙන්වා දුන්නා.

එමෙන්ම වැඩිදුරටත් අදහස් දැක්වූ රත්න ගමගේ මහතා ප්‍රකාශ කළේ, ඉන්දි‍යාවේ ධීවර ආක්‍රමණ නිසා ඇතිවී තිබෙන ගැටළු සම්බන්ධයෙන් ජනාධිපති තුමා විසින් කඩිනමින් පිළියම් ලබාදෙන බවයි.

ධීවර තොටුපොළවල් සඳහා භූමි තෙල් ලබා ගැනීම සම්බන්ධයෙන් තිබෙන ගැටළු විසඳීමට ධීවර අමාත්‍යංශයත් සේම ඛනිජ සංස්ථාවත් සමග සාකච්ඡාවක් කර ආදාළ ස්ථානවලට භූමිතෙල් ඉන්ධන පිරවුම්හල් ලබාදීමටත් අනාගතයේ කටයුතු කරන බව හෙතෙම වැඩිදුරටත් සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
7
+1
1
+1
2
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපතට පත් වූවන් සජිත් ළඟ දුක කියා හඬා වැටෙයි
04:09
Video thumbnail
ගංවතුරෙන් නිවාස ය#වීම නිසා කොටිකාවත්ත ගම්මු දැඩි අසරණවෙයි..සුද්ද කරන්න සුමාන දෙකක්වත් යයි
03:55
Video thumbnail
වෛද්‍යවරුන්ගෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්
13:27
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55


?