ධීවරයින්ට ඉන්ධන ලීටරයකට රුපියල් 25ක සහනාධාරයක්

ධීවර කර්මාන්තයේ යෙදෙන්නන්ට ඉන්ධන ලීටරයකට රුපියල් 25 ක සහනාධාරයක් දීමට ලබන ඔක්තෝබර් පළමුවැනි දා සිට වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව සමස්ථ ලංකා පොදු ධීවර සමිති සම්මේලනයේ ජාතික සංවිධායක රත්න ගමගේ පවසනවා.

අම්බලන්ගොඩ ධීවර වරාය සංකීර්ණයේ පැවති ධීවර ජන හමුවකදී සමස්ත ලංකා පොදු ධීවරය සමති සම්මේලනයේ ජාතික සංවිධායක රත්න ගමගේ මහතා පැවසුවේ වත්මන් ජනාධිපතිතුමා ඇතුළු රජය මේ රටේ ධීවර කර්මාන්තය සම්බන්ධයෙන් ධීවර ජනතාවට සහන රැසක් ලබාදීමට ද කටයුතු කර ඇති බවයි.

ඒ අනුව ඔක්තෝබර් මාසයේ පළවෙනිදා සිට සියලුම ධීවරයන් සඳහා ඉන්ධන සහනාධාරයක් ලබාදීමට කටයුතු කරන අතර මෙම ඉන්ධන සහනාධාරය බහුජන යාත්‍රා සඳහා ධීවර වරායෙන් එම යාත්‍රාව පිටවීමට පෙර යාත්‍රාවට ඇතුළත් කරන ඩීසල් ලීටර් එකට රුපියල් 25 බැගින්
සහනාධාරයක් ලබාදීමට කටයුතු කර තිබෙනවා.

එසේම කුඩා යාත්‍රා සඳහා සෑම භූමි තෙල් ලීටර් 15කටම ලීටරයට රුපියල් 25 බැගින් ද ඒ වගේම දින 25ක් සඳහා භූමිතෙල් සහනාධාරයක් ලබා දෙන බැවින් ධීවරයන්ට රුපියල් 9375ක ඉන්ධන සහනාධාරයක් මාසිකව මාසිකව ලැබෙන අතර මේ ක්‍රමවේදයට අදාළ ධීවර වරායන්
තොටුපොලවල් ආශ්‍රිතව කටයුතු කරන නිලධාරීන් හරහා සිදු කිරීමට සැලසුම් කර ඇති බව ඔහු පෙන්වා දුන්නා.

එමෙන්ම වැඩිදුරටත් අදහස් දැක්වූ රත්න ගමගේ මහතා ප්‍රකාශ කළේ, ඉන්දි‍යාවේ ධීවර ආක්‍රමණ නිසා ඇතිවී තිබෙන ගැටළු සම්බන්ධයෙන් ජනාධිපති තුමා විසින් කඩිනමින් පිළියම් ලබාදෙන බවයි.

ධීවර තොටුපොළවල් සඳහා භූමි තෙල් ලබා ගැනීම සම්බන්ධයෙන් තිබෙන ගැටළු විසඳීමට ධීවර අමාත්‍යංශයත් සේම ඛනිජ සංස්ථාවත් සමග සාකච්ඡාවක් කර ආදාළ ස්ථානවලට භූමිතෙල් ඉන්ධන පිරවුම්හල් ලබාදීමටත් අනාගතයේ කටයුතු කරන බව හෙතෙම වැඩිදුරටත් සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
7
+1
1
+1
2
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වැඩිහිටි නිවාසේ සිටි අයගේ ඥාතීන් හෙළිකරපු දේ - ළමයගේ අතපය ගැ#ටගහලා..කන්න බොන්නවත් දෙන්නේ නෑ
01:48
Video thumbnail
ගිනිගත් වැඩිහිටි නිවාසයේ සිටි අය රැගෙන ගිය තැන මෙන්න - මේකේ ඇතුළේ මුත්‍රා ගඳ - හුළඟක්වත් එන්නේ නෑ
02:45
Video thumbnail
හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකාගේ ප්‍රධානත්වයෙන් ඩිජිටල්කරණය කළ අක්ෂි සායනය
01:03
Video thumbnail
අසරණවූ දෙමළ පවුලකට නිවසක් හදලා දුන් බෞද්ධ මිනිසා - "හැමෝටම මෙහෙම සිත් පහළ වෙන්න ඕනි"
06:11
Video thumbnail
'සමුද්‍රවිජය' යුද නෞකාව ජනපති ප්‍රධානත්වයෙන් නිල වශයෙන් අධිකාරියට පත් කෙරේ
05:20
Video thumbnail
සුවසැරිය සේවකයන් සාකච්ඡාවෙන් පස්සේ මාධ්‍යයට කිව්ව දේ.."අපේ ප්‍රශ්නේ තාම ඉවර නෑ..ජයග්‍රහණයක් ලැබුවා"
04:44
Video thumbnail
"අනේ මගේ පුතේ..කතා කරන්නකෝ මගේ මැණික"අනතුරෙන් එළොව ගිය දියණියගේ අවසන් කටයුතු සෝසුසුම් මැද සිදුවෙයි
06:33
Video thumbnail
මුළු රටක් කම්පා කළ "සෙනෙහසේ කැඳැල්ලේ" කඳුළු අතරින් හෙළිවූ කතාව - සතුට විනාශ කළ රාත්‍රියේ සිදුවූ දේ
03:49
Video thumbnail
ගින්නෙන් දිවි බේරගත්ත මවක් වෙච්ච සියල්ල හෙළිකරයි - "ඇදන් ඉන්න ඇදිවත විතරයි ඉතුරු වුණේ..මම කෑගැහුවා"
01:16
Video thumbnail
"හොර නන්දලාල්..මහ බැංකුවේ හොරා" - මිනිස්සු මල් වඩම් අරන් ඇවිත් ජනපති කාර්යාලය වටලයි
04:05