ධීවරයන්ගේ උද්ඝෝෂනයට එරෙහිව පොලිසිය ගොනු කළ මෝසම ප්‍රතික්ෂේප වෙයි

ධීවරයන් පිරිසක් විසින් සිදු කරන උද්ඝෝෂනයක් හේතුවෙන් විශාල මහජන පීඩාවක් සිදුවන බැවින් එය නැවැත්වීම සඳහා නියෝගයක් නිකුත් කරන ලෙසට කොටුව පොලීසිය මෝසමක් ගොනු කරමින් සිදු කළ ඉල්ලීම කොටුව මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාරගේ මහතා අද (10) ප්‍රතික්ෂේප කළා.

ජනතාවට සාමකාමී උද්ඝෝෂණ සිදු කළ හැකි බවත් උද්ඝෝෂණය කිරීම ජනතාව වෙත ඇති අයිතියක් බව කියමින් මහේස්ත්‍රාත්වරයා එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරනු ලැබුවා.

එසේම උද්ඝෝෂකයන් විසින් මංමාවත් පනත, පොලිස් ආඥා පනත ඇතුළු නෛතික විධිවිධාන උල්ලංඝනය කරමින් මහජන පීඩාවක් ඇතිවන අයුරින් උද්ඝෝෂණය සිදු කරන්නේ නම් පොලිස් බලතල අනුව ක්‍රියාත්මක වන ලෙසද මහේස්ත්‍රාත්වරයා කොටුව පොලිසියට නියෝග කළා.

මෙම උද්ඝෝෂණය හේතුවෙන් විශාල මහජන පීඩාවක් සිදුවන බවත් දින ගණනාවක් තිස්සේ ඔවුන් උද්ඝෝෂණයක නියැලී සිටින බවත් කොටුව පොලිසිය වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම ඉල්ලීම සිදු කරනු ලැබුවා.

ඔවුන් ඇරඹි සත්‍යග්‍රහය අඛණ්ඩව අද (10) හයවන දිනටත් ක්‍රියාත්මක කර ඇති බවත් පොලිසිය වැඩිදුරටත් අධිකරණය හමුවේ සදහන් කළා.

ට්‍රැක්ටර්වලට සවිකළ වින්ච් යන්ත්‍ර යොදාගනිමින් සිදුකරන මාදැල් ධීවර කර්මාන්තයට වත්මන් ආණ්ඩුව පනවා ඇති තහනම ඉවත් කරන ලෙස ඉල්ලා ඔවුන් එම උද්ඝෝෂණයෙන් නිරතව ඇති බවද පොලිසිය අධිකරණයට දැන්වූවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජබ සෙට් එකක් ගමක් පිරිවරාගෙන ගිහින් දේව කන්නලව්වක් කළ අයුරු.."අනුර භංගවේවා" කියලා කට්ටිය පොල් ගහයි
03:45
Video thumbnail
උත්සව සමයේ තෙල් මිල වෙනස් වීමක් වෙයිද ?..මුල් සතිය ඇතුළත සේරම තෙල් නැව් ටික ළඟා වෙනවා
03:35
Video thumbnail
වසන්තටයි, ලාල්කාන්තටයි අනුරාධ දැම්ම සැර සත්තම..ගොවියාට කෙලියෝ කෙලියෝ කෙලියෝ..මේක පාන්ඩුවක්
07:41
Video thumbnail
කොන්ද පණ නැති නායකයෙක් අපිට ඉන්නේ..පාස්කුවේ මහ මොළකරුවෙක් නෑ..ඒක මිත්‍යාවක්
06:08
Video thumbnail
ජල ගැටලුව නිසා ජනතාවත් දැඩි පහසුතාවයට..1.5km ගිහින් මූලික අවශ්‍යතා ඉටු කරගන්නේ
03:27
Video thumbnail
පවතින කාලගුණයෙන් හැමෝම පරිස්සම් වෙන්න..ගස් කඩා වැටීම් වෙන්න පුළුවන්
03:24
Video thumbnail
ජල කප්පාදු කරන කාලය පැය කිහිපයකින් අඩු කරනවා..අප්‍රේල් මාසයට අවශ්‍ය ජල ප්‍රමාණය තියෙනවා
08:43
Video thumbnail
අනතුරකින් පාදයේ ආබාධයකයට ලක්වූ සෙබඩකට පිහිටට ආ තරුණ යුවළ
01:01
Video thumbnail
වියළි කාලගුණය හමුවේ ගාල්ලේ දැන් තත්ත්වය
00:54
Video thumbnail
බලශක්ති ඇමතිගේ පොටෝ එකක් අරන් ගමක් දෙවනත් කළ පන්දම් විරෝධතාව..පච අනුර එදා කිව්වේ බොරු..
08:33