AFC Banner
Empty Ad
Empty Ad

ධාතුසේන රජුගේ වත්කම හොරා කාලා – නාමල්ගෙන් හෙළිදරව්වක්

අනුරාධපුර කලාවැවේ වැව් බැම්ම කඩා නිධන් කැණීම් කටයුතු සිදු කර ඇති බවට තොරතුරු වාර්තා වනවා.

මෙම හෙළිදරව්ව සමස්ත ලංකා ගොවි ජන සම්මේලනයේ ජාතික කැඳවුම්කරු නාමල් කරුණාරත්න විසින් සිදු කරනු ලැබුවා.

වගකිව යුතු බලධාරීන්ගේ දෑස්වලට මුවා වී මෙම කැණීම් සූක්ෂ්ම ලෙසට සිදු කර තිබෙනවා.

කලාවැවේ වැව් බැම්ම බිඳ සිදු කර ඇති කැණීම් කටයුතු ගැන සෙවීමට එම ස්ථානයට ගිය අවස්ථාවේ දී දැකගන්නට ලැබුණේ කිසියම් අයෙක් හෝ පිරිසක් එක් ව මෙම සාපරාධී ක්‍රියාව සිදු කර ඇති බවයි.

කලාවැවේ ප්‍රධාන වේල්ල ආශ්‍රිත ව මෙම කැණීම සිදු කර ඇති අතර, ඒ පිළිබඳ ව අදාළ බලධාරීන්ගෙන් සිදු කළ විමසීමක දී ඔවුන් සඳහන් කර ඇත්තේ ඒ පිළිබඳ ව තමන් ද නොදන්නා බවත් පරීක්ෂණ සිදු කිරීමට කටයුතු කරන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
22
+1
38
+1
237
+1
20
+1
63
+1
21
+1
42
Subscribe
Notify of
8 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?