දොස්තර තරුණ කතකට එන්න කියා කල දේ..!

සුරූපී නිළියක මෙන් පැහැපත් සමක් සඳහා එන්නතක් ලබාදෙන බව පවසා කාන්තාවක් දූ..,ෂණය කළැයි වෛද්‍යවරයකු අත්අඩංගුවට ගත් බව නාරාහේන්පිට පොලිසිය කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත 24 වැනිදා දන්වා සිටියේය.

නාරාහේන්පිට, ප්‍රදේශයේ පිහිටි වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථානයක සේවය කළ සැකකරුවෙක් මෙලෙස අත්අඩංගුවට ගත් බව නාරාහේන්පිට පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ඩී.පී.සී.ජේ. කුලසිංහ අධිකරණයට දැනුම්දී තිබෙනවා.

සැකකාර වෛද්‍යවරයා විසින් තමාව දූෂණය කළ බවට වැල්ලවත්ත ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි කාන්තාවක් කළ පැමිණිල්ලකට අනුව පොලිසිය විමර්ශන ආරම්භ කර තිබිණි. පැමිණිලිකාරිය සිය සම පැහැපත් කර ගැනීම සඳහා එන්නතක් ලබා ගැනීමට අන්තර්ජාලය ඔස්සේ සොයා බැලීම් කිරීමේදී, සැකකාර වෛද්‍යවරයාගේ ප්‍රතිකාර මධ්‍යස්ථානය පිළිබඳව තොරතුරු ලැබී තිබේ.

එම ප්‍රතිකාර මධ්‍යස්ථානයේ සම පැහැපත් කිරීමේ එන්නත් රුපියල් 10,000 සිට රුපියල් 35,000 දක්වා මිල ගණන් යටතේ තිබෙන බවත් පැමිණිලිකාරිය අනාවරණය කරගෙන තිබේ. පැමිණිලිකාරිය එන්නන්වල මිල ගණන් වැඩි බව සැකකරුට දන්වා ඇති අතර එහිදී ඔහු “ක්‍රීම් එකක් තියෙනවා දෙන්නම්” කියා පවසා වෛද්‍ය මධ්‍යස්ථානයේ උඩුමහලට පැමිණිලිකාරිය රැගෙන ගොස් එහිදී දූෂණයට ලක්කර ඇති බවයි පොලිසිය අධිකරණයට දන්වා ඇත්තේ.

සැකකාර වෛද්‍යවරයා රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇප මත මුදා හරින ලෙස අධිකරණය නියෝග කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය විරෝධී දිනය ගැන පොලිස් මාධ්‍ය ප්‍රකාශකගෙන් විශේෂ ප්‍රකාශයක්
01:52
Video thumbnail
බීඩි ගහපු සරත් දැන් විස්කි බිබී ගොවියට කසිප්පුකාරයාලු
01:03
Video thumbnail
මගේ මූලික අයිතිවාසිකම් කඩවීමක් වෙලා - ආණ්ඩුව නීතියට අත තියලා හොම්බෙන් යන්න ලෑස්තිවෙන්න
03:28
Video thumbnail
සලේගේ බිරිඳට අපි ගරු කරන්න ඕනි - පාස්කු ප්‍ර#රයේ පරීක්ෂණය ගැන ගොඩක් අය බලාගෙන ඉන්නේ
06:40
Video thumbnail
තෙල්දෙණිය තරුණියගේ සිරුර සැඟවීමට උදව් කළ මිතුරා පොලිසියට රැගෙන ආ හැටි
01:38
Video thumbnail
භෞතික චිකිත්සකවරියගේ ඝා#නයේ සැකකරු, බිරිඳ සහ දරුවා පොලිසියට භාරදුන් අයුරු
02:13
Video thumbnail
ආගම ගැන ඩයනාගෙන් සැර කතාවක් - අර යූටියුබ් කාරයෙක් ඉන්නවා බුදු දහමට අපහාස කරනවා..
09:57
Video thumbnail
ඩයනා නඩුවට ඇවිත් කිව්ව අමුතු කතාව - මාව මහ මුහුදට තමයි දාන්න වෙන්නේ..මොක්කදෝ හුටපටයක්
01:59
Video thumbnail
ඔයත් කොරියාවට යන්න හීනමවන කෙනෙක්ද ?යන්න කළින් මේ ගැන අනිවාර්යෙන් දැනගන්න!..නීති වෙනස් වෙයි
02:55
Video thumbnail
"මෙන්න පුනරුදේ..සුපිරි..ක්ලීන් ශ්‍රී ලංකා..ගමේ නෙළුම් මල් පිරිලා"ආණ්ඩුවට විතරක් ප්‍රශ්න විසඳන්න බැහැ
02:38