spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

දොස්තර තරුණ කතකට එන්න කියා කල දේ..!

සුරූපී නිළියක මෙන් පැහැපත් සමක් සඳහා එන්නතක් ලබාදෙන බව පවසා කාන්තාවක් දූ..,ෂණය කළැයි වෛද්‍යවරයකු අත්අඩංගුවට ගත් බව නාරාහේන්පිට පොලිසිය කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත 24 වැනිදා දන්වා සිටියේය.

නාරාහේන්පිට, ප්‍රදේශයේ පිහිටි වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථානයක සේවය කළ සැකකරුවෙක් මෙලෙස අත්අඩංගුවට ගත් බව නාරාහේන්පිට පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ඩී.පී.සී.ජේ. කුලසිංහ අධිකරණයට දැනුම්දී තිබෙනවා.

සැකකාර වෛද්‍යවරයා විසින් තමාව දූෂණය කළ බවට වැල්ලවත්ත ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි කාන්තාවක් කළ පැමිණිල්ලකට අනුව පොලිසිය විමර්ශන ආරම්භ කර තිබිණි. පැමිණිලිකාරිය සිය සම පැහැපත් කර ගැනීම සඳහා එන්නතක් ලබා ගැනීමට අන්තර්ජාලය ඔස්සේ සොයා බැලීම් කිරීමේදී, සැකකාර වෛද්‍යවරයාගේ ප්‍රතිකාර මධ්‍යස්ථානය පිළිබඳව තොරතුරු ලැබී තිබේ.

එම ප්‍රතිකාර මධ්‍යස්ථානයේ සම පැහැපත් කිරීමේ එන්නත් රුපියල් 10,000 සිට රුපියල් 35,000 දක්වා මිල ගණන් යටතේ තිබෙන බවත් පැමිණිලිකාරිය අනාවරණය කරගෙන තිබේ. පැමිණිලිකාරිය එන්නන්වල මිල ගණන් වැඩි බව සැකකරුට දන්වා ඇති අතර එහිදී ඔහු “ක්‍රීම් එකක් තියෙනවා දෙන්නම්” කියා පවසා වෛද්‍ය මධ්‍යස්ථානයේ උඩුමහලට පැමිණිලිකාරිය රැගෙන ගොස් එහිදී දූෂණයට ලක්කර ඇති බවයි පොලිසිය අධිකරණයට දන්වා ඇත්තේ.

සැකකාර වෛද්‍යවරයා රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇප මත මුදා හරින ලෙස අධිකරණය නියෝග කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?