දොස්තරලා, හෙදියන් ඉන්ධන ඉල්ලා විරෝධතා

සෞඛ්‍යය අංශය වෙත නිකුත් කෙරුනු පෙට්‍රල් ඉන්ධන නිසි ලෙස නිකුත් නොකල බවට චෝදනා කරමින්  නාවලපිටිය දිස්ත්‍රික්  මහ රෝහලේ වෛද්‍යයවරුන් ඇතුළු සේවකයින් 01 දින පස්වරුවේ නාවලපිටිය සමුපාකාර ඉන්ධන පිරවුම් හල අසල උද්ඝෝෂණයක නිරත විය.

උදැසන සිට එම ඉන්ධන පිරවුම් හලෙන් නාවලපිටිය දිස්ත්‍රක් මහ රෝහලේ වෛද්‍යයවරුන්ට සහ කාර්ය මණ්ඩලයට ඉන්ධන නිකුත් කල අතර , ඉන්ධන ලබා ගැනිමට පැමිනි වෛද්‍යයවරුන් සහ කාර්යමණ්ඩලයේ පිරිසකට ඉන්ධන අවසන් බවට ඉන්ධන පිරවුම් හලේ සේවකයින් දැනුම් දිමත් සමගයි උද්ඝෝෂණය ආරම්භ කරනු ලැබුවේ .

අද එම ඉන්ධන පිරවුම් හල වෙත පෙට්‍රල් ඉන්ධන ලීටර් 6600 ක් ලැබුනු බවත් , එම ඉන්ධන වලින් සිමිත ප්‍රමානයක් සෞඛ්‍යය අංශ වෙත නිකුත් කර ඉන්ධන තොගයක් පොලිස් නිලධාරින්ට සහ ඉන්ධන පිරවුම් හලේ කළමනාකාරිත්වයට හිතවත් පිරිසකට නිකුත් කල බව පවසමින් එම පිරිස උද්ඝොෂණයේ නිරත විය.

ලබන සතියේ සිට රෝහල් කාර්ය මණ්ඩලයේ අධික්ෂණය යටතේ ඉන්ධන නිකුත් කරන බවට සමුපාකාර ඉන්ධන පිරවුම් හලේ කළමනාකරු විසින් උද්ඝෝෂණයේ නිරත වු පිරිස හමුවේ ප්‍රකාශ කිරම් සමග උද්ඝෝෂණය තාවකාලිකව අත්හැරිමට නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලේ වෛද්‍යයවරුන් සහ කාර්යමණ්ඩලය පියවර ගැනින.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කයිවාරු කොටා මූ..පේන්නේ නැද්ද මූණත් කළුවෙලා - කිසිම සහනයක් නෑ මිනිස්සුන්ට..වැඩක් නෑ
04:14
Video thumbnail
උරුමයට ඔයාලා කරුමය කියලා හරි දාගන්න..සුරතල් කතා වැඩක් නෑ - චාමරට යකා නගියි
04:26
Video thumbnail
රිමාන්ඩ් එකේ ඉදලා ඇවිත් චාමර ආණ්ඩුවේ කෙරුවාව හෙළිකරයි - හොරට විභාග ලිව්වා කියලා තුටු පඬුරු දෙනවද ?
04:07
Video thumbnail
සුජීව ආණ්ඩුවට රිදෙන්නම දෙයි - තනිකරම හොරකමනේ වෙන්නේ..මෙන්න මූ මාස 3න් වැටිලා ඉන්නේ
14:48
Video thumbnail
ගැටඹේ නාහිමිට අවසන් ගෞරව දක්වන්න ආ ඇමති නලින්ද - Uncle කෙනෙක් නලින්දට කිව්ව දේ
02:09
Video thumbnail
විහාර මහා දේවි උද්‍යානයේ භික්ෂු විරෝධතාවයේ නවතම තත්ත්වය - මිනිස්සු වටවෙලා බණ අහයි
01:00
Video thumbnail
අර්චුනා නිසා පාර්ලිමේන්තුවේ ලොකු ගාලගෝට්ටියක් - "මම කවදාවත් පුද්ගලික දේවල් ඇහුවේ නෑ ?"
09:27
Video thumbnail
කාවන්තිස්ස ඇතාගේ මරණය සොයන්න විපක්ෂය විශේෂ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් ඉල්ලයි
01:12
Video thumbnail
විදුලි කැ#පිල්ල සිදුවුණේ ආණ්ඩුවේ සම්පූර්ණ වරදින්..?මේ ආණ්ඩුවට බෑ කියලා අපි කිව්වා
05:13
Video thumbnail
රුමේෂ් තරංග නිසා සජිත් උදෙන්ම පැටලෙයි - ගෙවිය යුතු කෝටි 5ක මුදල ඇයි නොගෙවන්නේ ?
04:46