දොඩම්ගොඩ ඝාතනයට ‘මල්ටියා’ සහ ‘කළු ගයාන්’ අල්ලයි

දොඩම්ගොඩ, දොලේලන්ද ප්‍රදේශයේ පසුගිය 14 වනදා නිවසක් තුළ පුද්ගලයෙකු කපා කොටා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මොවුන් නුවරඑළිය ප්‍රදේශයේ ලැඟුම්හලක රැඳී සිටින බවට ලද තොරතුරක් මත කළුතර කොට්ඨාස දූෂණ මර්දන අංශය මඟින් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ දොඩම්ගොඩ ප්‍රදේශයේම පදිංචි දඩයකකාරගේ බුද්ධික විජේසිරි නොහොත් ‘මල්ටියා’ නැමැති වයස අවුරුදු 38 අයෙක් සහ ගයාන් විමුක්ති මධුසංක නොහොත් ‘කළු ගයාන්’ නැමැති වයස අවුරුදු 29ක අයෙක්.

මෙම සැකකරුවන් දෙදෙනාට එරෙහිව පුද්ගල ඝාතන, ගිනිඅවි චෝදනා, නිවාස බිඳුම් ඇතුළු විවිධ චෝදනා රැසක් යටතේ අධිකරණ කටයුතු ක්‍රියාත්මක වන බවයි අනාවරණය වී ඇත්තේ.

මතුගම හා දොඩංගොඩ ප්‍රදේශවල ක්‍රියාත්මක මත්ද්‍රව්‍ය ආරවුලක් සම්බන්ධයෙන් දිමුත් චාමික නැමැති අවුරුදු 37ක පුද්ගලයෙක් ඔහුගේ නිවාස තුළ දී මෙම සැකකරුවන් විසින් කපා කොටා ඝාතනය කර තිබුණා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අද (26) දින මතුගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
4
+1
1
+1
2
+1
2
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?