දොඩම්ගොඩ ඝාතනයට ‘මල්ටියා’ සහ ‘කළු ගයාන්’ අල්ලයි

දොඩම්ගොඩ, දොලේලන්ද ප්‍රදේශයේ පසුගිය 14 වනදා නිවසක් තුළ පුද්ගලයෙකු කපා කොටා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මොවුන් නුවරඑළිය ප්‍රදේශයේ ලැඟුම්හලක රැඳී සිටින බවට ලද තොරතුරක් මත කළුතර කොට්ඨාස දූෂණ මර්දන අංශය මඟින් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ දොඩම්ගොඩ ප්‍රදේශයේම පදිංචි දඩයකකාරගේ බුද්ධික විජේසිරි නොහොත් ‘මල්ටියා’ නැමැති වයස අවුරුදු 38 අයෙක් සහ ගයාන් විමුක්ති මධුසංක නොහොත් ‘කළු ගයාන්’ නැමැති වයස අවුරුදු 29ක අයෙක්.

මෙම සැකකරුවන් දෙදෙනාට එරෙහිව පුද්ගල ඝාතන, ගිනිඅවි චෝදනා, නිවාස බිඳුම් ඇතුළු විවිධ චෝදනා රැසක් යටතේ අධිකරණ කටයුතු ක්‍රියාත්මක වන බවයි අනාවරණය වී ඇත්තේ.

මතුගම හා දොඩංගොඩ ප්‍රදේශවල ක්‍රියාත්මක මත්ද්‍රව්‍ය ආරවුලක් සම්බන්ධයෙන් දිමුත් චාමික නැමැති අවුරුදු 37ක පුද්ගලයෙක් ඔහුගේ නිවාස තුළ දී මෙම සැකකරුවන් විසින් කපා කොටා ඝාතනය කර තිබුණා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අද (26) දින මතුගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
4
+1
1
+1
2
+1
2
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කණ්ඩායම් තුනේම උප නායක කමිදු මෙන්ඩිස් මාධ්‍යයට කිව්ව දේ - දෙන්න පුළුවන් උපරිම සහයෝගය දෙනවා
06:30
Video thumbnail
රංගගේ වැඩ තහනම් කරන්න - රංගට එරෙහිව ඒකාබද්ධ විපක්ෂයෙන් අල්ලස් කොමිසමට පැමිණිලි
04:32
Video thumbnail
කළුතර වෙ# තැබීම ගැන පොලිසියෙන් කට අරියි - මොහු 38ට හැවිරිදි ව්‍යාපාරිකයෙක්
01:31
Video thumbnail
බොදවුණ වාහන සිහිනය සැබෑ කළා - ආරක්ෂාවට ඉස්සරහින් පස්සෙන් වාහන දැම්මේ නෑ - ලොකු වෙනසක් කළා
05:36
Video thumbnail
කළුතර සලිත කළ වෙ#ඩිල්ලේ නවතම දර්ශන මෙන්න - දැඩි ආරක්ෂාවක් යොදයි..STF එකෙමුත් එයි
01:21
Video thumbnail
කුරුණෑගල ප්‍රධාන ආයතනයක හදිසියේම ඇතිවූ ගින්න - අමාරුයි නිවන්න - කෙමිකල් තියෙනවා
04:58
Video thumbnail
කළුතර රත්කල වෙ#ඩිල්ලේ CCTV දර්ශන එළියට - බයික් එකත් ගිහින් එතනම නැවැත්තුවා ?
00:45
Video thumbnail
කළුතර රත්කළ වෙ#ල්ලෙන් පුද්ගලයෙක් එළොව යයි - මෙන්න එම ස්ථානයේ නවතම දර්ශන
00:50
Video thumbnail
බසයට ඉඩ නොදී කාර් රථයක් පාර පුරා යන හැටි - කොච්චර හෝන් ගැහුවත් අයින් වෙන්නේ නැති හැටි
00:56
Video thumbnail
නැගෙනහි‍රේ මුස්ලිම් ජනතාව සාමකාමී අයුරින් හජ්ජි මහෝත්සවය සමරන හැටි - අධික බැතිමතුන් පිරිසක් එයි
03:04