දෛනික විදුලිය කප්පාදුව ගැන මහජන උපයෝගීතා කොමිසමෙන් විශේෂ නිර්දේශයක්

දෛනිකව සිදු කෙරෙන විදුලිය කප්පාදුව සම්බන්ධයෙන් මහජන උපයෝගීතා කොමිෂන් සභාවෙන් විශේෂ නිර්දේශයක් ඉදිරිපත් කර තිබෙනවා.

ඒ, අනුව එම කොමිසම නිර්දේශ කර ඇත්තේ උසස් පෙළ විභාග පවත්වන කාලසීමාවේ දෛනික විදුලි කප්පාදුව රාත්‍රී 7.00 න් පසුව සිදු නොකරන ලෙසටයි.

මේ අතර අදින් ඇරඹෙන සති අන්තයේ දී පැය දෙකයි විනාඩි 20ක විදුලි කප්පාදුවක් සඳහා එම කොමිසම අවසර ලබා දී තිබෙනවා.

ඒ අනුව ‘ඒ’ සිට ‘ඩබ්ලිව්’ දක්වා කලාප 20ට දහවල් කාලයේ පැය 01ක් ද, රාත්‍රී කාලයේ පැය 01යි විනාඩි 20ක් ලෙස ද විදුලි කප්පාදුව ක්‍රියාත්මක කිරීමට නියමිතයි.