දේශීය සමාගම් ඔක්සිජන් සැපයීම අත්හිටුවයි

මුදල් නොගෙවීම හේතුවෙන් වෛද්‍ය සැපයුම් අංශයට ඔක්සිජන් සැපයීම තාවකාලිකව ඊයේ (29 වැනිදා) සිට අත්හිටුවීමට දේශීය ඔක්සිජන් නිෂ්පාදන සමාගම් පියවර ගෙන තිබේ.

දේශීය වශයෙන් සමාගම් දෙකක් ඔක්සිජන් නිපදවයි. එක් සමාගමකට රුපියල් මිලියන 290ක් ගෙවීමට ඇති බැවින් ඔක්සිජන් සැපයීම තාවකාලිකව අත්හිටුවන බව සමාගම රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට හා ඖෂධ සැපයීම, නිෂ්පාදනය පිළිබඳ රාජ්‍ය අමාත්‍යංශයට දැනුම් දී ඇත. අනෙක් සමාගමටද මුදල් ගෙවීමට තිබේ.

කොවිඩ් වසංගතයේදී ඩෙල්ටා පැතිර යාමත් සමග හදිසි අවශ්‍යතාවයන් සඳහා ඔක්සිජන් වැඩි වශයෙන් ලබා ගැනීමට පියවර ගැනුණි. මෙරට රෝහල්වල දෛනික ඔක්සිජන් අවශ්‍යතාව මෙට්‍රික් ටොන් 22ක් වූ අතර වයිරසය පැතිර යාම නිසා අවශ්‍යතාවය මෙට්‍රික්ටොන් 140 දක්වා වැඩි විය.

දැනට කොවිඩ් රෝගීන් 600ක් ඔක්සිජන් මත යැපෙන අතර අවශ්‍ය ඔක්සිජන් ප්‍රමාණය මෙට්‍රික් ටොන් 38ක් බවට ගණන් බලා තිබේ. විදේශීය රටවලින්ද ආනයනය කළ ඔක්සිජන් ද ගබඩා කර ඇත.

ඔක්සිජන් සැපයීම වෙනුවෙන් මුදල් ගෙවීම කළ යුතු වන්නේ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව මගිනි. මෙලෙස මුදල් ගෙවීම ප්‍රමාදවීම පිළිබඳ විමසීමට සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන දුරකථනය ඔස්සේ සම්බන්ධ කර ගැනීමට දැරූ උත්සාහය ව්‍යර්ථ විය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාවුලින් මතුවූ ගෘහස්ථ ඉන්ධන ගබඩාව - පොලිසියත් අසරණ වෙයි
03:23
Video thumbnail
ජාතික බලශක්ති ප්‍රතිපත්තිය සම්පාදනයට සජිත් අත තියයි..වැඩිම බලශක්ති උත්පාදන හිඟය වෙලා තියෙන්නේ ඊයේ
05:47
Video thumbnail
ඉදිරියේදී තාක්ෂණික වශයෙන් Power Cut එකක් ඇතිවෙනවා..මේක වළක්වන්න ක්‍රමයක් තවම රජයට නෑ
05:00
Video thumbnail
මහින්දගෙයි, නාමල්ගෙන් නම් කියන්න කිව්වනම් ඒක විශාල ගැටලුවක්..කොටි හිතවාදීන්ව සතුටු කරනවා
03:35
Video thumbnail
රංග දිසානායක වහාම ඉල්ලා අස්වෙන්න..සුගීෂ්වරගෙන් සත්තමක්..ඇඟ පුරා අසූචි ගාගෙන ඉවරයි
05:15
Video thumbnail
අනුරාධපුර තොග තෙල් ගබඩාවට බාන්න ගෙනා තෙල් බවුසර් මහ පාරේ..බවුසර් ඇතුළට අරගෙන එළියට දාලා
02:49
Video thumbnail
මඩකලපුවේ ළිඳකින් මතුවූ අභිරහස
01:18
Video thumbnail
අම්මයි, දුවයි එකම තැන එළොව ගිය බිහිසුණු ඛේදවාචකය
01:15
Video thumbnail
අඹු සැමි යුවලට අත්වූ බිහිසුණු ඉරණම
00:34
Video thumbnail
සුද්දා ෂෙඩ් එකට ආපු ගමන් තෙල් ගහපු නිසා මිනිස්සු ෆයර් වෙයි
01:15