වැඩ බලන පොලිස්පතිවරයා වශයෙන් කටයුතු කළ දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පතිවරයා වශයෙන් පත් කිරීම නීති විරෝධී යැයි තීන්දු කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් ඉදිරිපත් කර තිබෙනවා.
සමගි ජන බලවේගයේ නිරෝෂන් පාදුක්ක මහතා විසින් එක් පෙත්සමක් ඉදිරිපත් කළ අතර මහාචාර්ය සාවිත්‍රී ගුණසේකර මහත්මිය විසින් තවත් පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා.
එම පෙත්සම්වල වග උත්තරකරුවන් ලෙස ආණ්ඩුක්‍රම ව්‍යස්ථාදායක සභාවේ සාමාජිකයින්, නීතිපතිවරයා, පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු පිරිසක් නම් කර තිබෙනවා.
පෙත්සම්කරුවෝ කියා සිටින්නේ වැඩ බලන පොලිස්පතිවරයා වශයෙන් කටයුතු කළ දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පතිවරයා වශයෙන් පත් කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවේ විධිමත් අනුමැතියක් ලැබී නොමැති බවයි.
එවැනි අනුමැතියක් නොමැතිව ජනාධිපතිවරයා විසින් දේශබන්දු තෙන්නකෝන් මහතාව පොලිස්පතිවරයා වශයෙන් පත් කිරීම සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බවයි පෙත්සම්කරුවන් කියා සිටින්නේ.
මේ තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පතිවරයා වශයෙන් පත් කිරීම බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරුවෝ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලා තිබෙනවා.




