spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

දේශබන්දු තෙන්නකෝන් පිළිබඳ පරීක්ෂණ අවසන්

අද කොළඹ කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ ඉදිරියේදී දේශබන්දු තෙන්නකෝන් පිළිබඳ පරීක්ෂණයේ නඩුව කැඳවා තිබුණා.

එහිදී මැයි මස 09 වැනි දා ගාලු මුවදොර අරගළයට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලට අදාළ ප්‍රගතිය අගෝස්තු මස 24 වැනි දා වාර්තා කරන ලෙස කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය අද (03) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියම කර සිටියා.

එහිදී නියෝජ්‍ය පොලිස්පතිවරයා සම්බන්ධයෙන් තීරණයක් ගැනීමේ දී දැනට ඉදිරිපත් වී ඇති කරුණු පමණක් ප්‍රමාණවත් නොවන බවයි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය පෙන්වා දුන්නේ.

විමර්ශනයේ දී අනාවරණය වන සමස්ත සාක්ෂි අධ්‍යයනය කිරීමෙන් පසු ව ඒ සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සුදුසු බව යි එහිදී පවසා තිබෙන්නේ.

මහෙස්ත්‍රාත්වරයා අධිකරණ හමුවේ කරුණු දක්වමින් පෙන්වා දුන්නේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් 03 වතාවක් උපදෙස් නිකුත් කර තිබෙන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?