spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

දේශබන්දු තෙන්නකෝන්ට පහර දුන් අය සොයන්න පොලිසිය මහජන සහය පතයි

නිවේදනයක් නිකුත් කරමින් පොලිසිය දන්වා සිටින්නේ බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට, පොලිස් අධිකාරීවරයෙකුට සහ තවත් පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට පහර දී තුවාල සිදු කිරීම සහ පොලිස් කැබ් රථයකට අලාභ හානි සිදු කිරීම සම්බන්ධව සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය මහජන සහය ලබා දෙන ලෙසයි.

මෙම සිද්ධියට අදාළව දර්ශන සහ විමර්ශනයන්හිදී ලබා ගත් වීඩියෝ දර්ශන ඇසුරින් අදාල පහරදීම් හා පොලිස් කැබ් රථයකට හානි කළ ප්‍රධාන ක්‍රියාකාරීන් ලෙස හඳුනාගත් පුද්ගලයින්ගේ ඡායරූප කිහිපයකුත් පොලිසිය ලබා දී තිබෙනවා.

ඒ අනුව පහත ඡායරූපවල සිටින පුද්ගලයින් සම්බන්ධයෙන් තොරතුරු වේ නම් 07108591735, 0718592735, 0718591733 යන දුරකථන අංක වෙත දැනුම් දෙන ලෙසයි පොලිසිය සඳහන් කරන්නේ.

image 29
image 30
image 31
image 32
image 33
image 34
image 35
image 36
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?