Empty Ad
AFC Banner
Empty Ad

දේශබන්දු තෙන්නකෝන්ට එරෙහි පැමිණිල්ල බල රහිත කළ තීන්දුවට එරෙහිව පෙත්සමක්

අරගල සමයේ ජනාධිපති මන්දිරයේ තිබී රුපියල් 17,800,000කට අධික මුදලක් සොයා ගැනීමේ සිද්ධියට අදාළව බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට එරෙහිව කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනුකර තිබූ පෞද්ගලික පැමිණිල්ලක් බලරහිත කරමින් අභියාචනාධිකරණය විසින් දුන් තීන්දුවක් ඉවත් කර එම නඩුව පවත්වාගෙන යාමට අවසර දෙන ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියාචනා පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා.

ලංකා ගුරු සේවා සංගමයේ ලේකම් මහින්ද ජයසිංහ මහතා විසිනුයි සිය නීතිඥ උදාර මුහන්දිරම් මහතා මාර්ගයෙන් මෙම අභියාචනය ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර ඇත්තේ.

පෙත්සම්කරු කියා සිටින්නේ ජනාධිපති මන්දිරයේ තිබී රුපියල් 17,800,000කට අධික මුදලක් අරගලකරුවන් විසින් සොයාගෙන පොලීසියට භාරදීමෙන් අනතුරුව එම මුදල් සාපරාධී පරිහරණය කළ බවට චෝදනා කරමින් තමන් විසින් බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට එරෙහිව කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පුද්ගලික පැමිණිල්ලක් ඉදිරිපත් කළ බවයි.

එම පැමිණිල්ල සලකා බැලූ කොටුව මහේස්ත්‍රාත්වරයා වගඋත්තරකාර දේශබන්දු තෙන්නකෝන්ට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා සිතාසි නිකුත් කළ බවත් පෙත්සම්කරු කියා සිටියා.

මහේස්ත්‍රත් අධිකරණයේ එම තීරණයට එරෙහිව නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විසින් අභියාචනාධිකරණය හමුවේ පෙත්සමක් ඉදිරිපත් කළා.

එම පෙත්සම විභාග කර තීන්දුව දුන් අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනුකර තිබෙන පෞද්ගලික පැමිණිල්ල බල රහිත කරමින් රිට් ආඥාවක් නිකුත් කරනු ලැබුවා.

අභියාචනාධිකරණයේ එම තීරණය නීතියට පටහැනි යැයි පෙන්වා දෙන පෙත්සම්කරු විනිසුරුවරු නීතිය වැරදි ලෙස අර්ථකථනය කරමින් එම තීන්දුව ලබාදී ඇති බවයි සඳහන් කළේ.

එබැවින් අභියාචනාධිකරණයේ තීන්දුව ඉවත් කර නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට එරෙහි පෞද්ගලික පැමිණිල්ල විභාග කිරීමට පියවර ගන්නා ලෙස මහේස්ත්‍රාත් අධිකරණය වෙත නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
3
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තෙල් මිල අඩු වුණ නිසා අනතුරු වෙනවා වැඩියි ගැමුණු මාධ්‍ය හමුවේ රටටම කියයි
Video thumbnail
කාලෙකට පස්සේ සජබේ ප්‍රසාද් කරපු සුපිරි කතාව
27:34
Video thumbnail
මාලිමා රැළියකටවත් නැති සෙනඟක් නාමල්ගේ රැළියේ
05:01
Video thumbnail
ත්‍රී රෝද රථ සංගම් ආණ්ඩුවට දාපු සද්දේ - තෙල් අඩු කළාට ත්‍රීවිල් ගාස්තු අඩු කරන්නේ නෑ
08:01
Video thumbnail
ෂෙඩ්වල පෝලිම් - මිනිස්සු යකා නටයි - ආණ්ඩුවට ### කියලා බනියි
00:59
Video thumbnail
සජිත්ව ළඟ තියාගෙන හිරුණිකා අමතයි - හිරුණිකාගේ කතාවට සජිතුත් හොල්මන්
16:13
Video thumbnail
ෂෙඩ්වල පෝලිම් - මිනිස්සු යකා නටයි - ආණ්ඩුවට ### කියලා බනියි
06:28
Video thumbnail
වාහන 04ක් එකිනෙක ගැටුණු බිහිසුණු අනතුරේ සජීවී දර්ශන
04:57
Video thumbnail
අඩු වූ ප්‍රෙට්‍රල් මිල ගැන මිනිස්සු කියන කතා මෙන්න
06:57
Video thumbnail
සජිත් වේදිකාව දෙක කරමින් කරපු කතාව
17:43

?