Empty Ad
AFC Banner
Empty Ad

දේශබන්දු ගොනුකළ රිට් පෙත්සමේ තීන්දුව ප්‍රකාශයට පත් කිරීම අද

තමන්ව අත්අඩංගුවට ගන්නා ලෙස මාතර අධිකරණ විසින් ලබාදුන් නියෝගය බල රහිත කරන ලෙස ඉල්ලා හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ගොනුකළ රිට් පෙත්සමේ තීන්දුව අද (17) දිනයේ ප්‍රකාශයට පත් කෙරෙනවා.

අභියාචනාධිකරණය විසින් මෙම පෙත්සමේ තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

2023 වසරේ වැලිගම, පැලෑන ප්‍රදේශයේ හෝටලයක් ඉදිරිපිට සිදු වූ වෙඩි තැබීමක දී කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීයෙකු ජීවිතක්ෂයට පත්ව තවත් නිලධාරියෙකු තුවාල ලැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු අටදෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මාතර මහේස්ත්‍රාත් අධිකරණය පසුගිය පෙබරවාරි 27 වනදා නියෝග කළා.

කේසේ වෙතත් දේශබන්දු තෙන්නකෝන් හිටපු පොලිස්පතිවරයා අත්අඩංගුවට ගැනීම සඳහා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව ස්ථාන රැසක් පරීක්ෂා කළ ද එම කිසිදු ස්ථානයක ඔහු නොසිටීම හේතුවෙන් තවමත් ඔහුව අත්අඩංගුවට ගැනීමට හැකි වී නැහැ.

එවැනි තත්ත්වයක හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ව දුටු තැන අත්අඩංගුවට ගන්නා ලෙසටදන්වමින් මාතර මහේස්ත්‍රාත් අධිකරණය පසුගිය 11 වනදා විවෘත වරෙන්තුවක් ද නිකුත් කරනු ලැබුවා.

මේ අතර පොලිසිය ඊයේ (16) දිනයේ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සෙවීමේ විමර්ශන කටයුතු සඳහා පොලිස් කණ්ඩායම් 06ක් යොදවා ඇති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සංගීත ප්‍රසංගයට වැස්සෙන් බාධා - චාමර රණවක දෙපාරක් නොහිතා ග්‍රවුන්ඩ් එක මැදට පනියි
03:03
Video thumbnail
දරුවෙක්ගේ කකුළට කරපු දේට පාසලත් නිහඬයි - පොලිසියත් නිහඬයි
05:19
Video thumbnail
ඇමති නලින්ද එක්ක වර්ජනය ගැන කතා කරන්න ගිය වෘත්තිය සමිති ලොක්කෝ මාධ්‍ය මඟහැර හොරෙන්ම මාරු වෙයි
02:34
Video thumbnail
වාහන ආනයනකරුවන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක් කරයි
22:44
Video thumbnail
කොළඹද යන්නේ.මේකත් බලලම යන්න - කපුටෝ උඩ පැන පැන WOSH දාන්නේ
00:56
Video thumbnail
කොළඹද යන්නේ.මේකත් බලලම යන්න - කපුටෝ උඩ පැන පැන WOSH දාන්නේ
10:51
Video thumbnail
පාඨලී විශේෂ හෙළිදරව්වක් කරයි
00:59
Video thumbnail
අනුර කුමාර ජනාධිපතිතුමා කවදාවත් රනිල්ව අත්අඩංගුවට ගන්නේ නෑ
17:21
Video thumbnail
මම එක පෙලට තියලා දෙන්නේ ඔක්කෝටම - අසේල සම්පත් ට්‍රැක්ටරේට ගොඩ වුණේ මෙහෙමයි
22:05
Video thumbnail
අපිට කරන්න පුළුවන් දේ අපි කරලා පෙන්නන්නම් - ඉන්දික අනුරුද්ධ ආණ්ඩුවට අභියෝග කරයි
10:11

?