දේශබන්දු පොලිස්පති ධුරයෙන් ඉවත්කරන යෝජනාව වැඩි ඡන්දයෙන් සම්මතයි

දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීම සඳහා වන යෝජනාව වැඩි ඡන්දයෙන් පාර්ලිමේන්තුවේ දී අද (05) සම්මත වුණා.

එම යෝජනාවට පක්ෂව ඡන්ද 177ක් ලැබුණු අතර, ඊට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කර තිබුනේ නැහැ.

එක් මන්ත්‍රීවරයෙක් ඡන්දය පාවිච්චි කිරීමෙන් වැළකී සිටියා.

මෙම යෝජනාව සම්මත වූ බවට කතානායකවරයා සිදුකරන දැනුම්දීමෙන් පසු ජනාධිපතිවරයා විසින් පොලිස්පති ධුරය සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට පොලිස්පති ධුරය වෙනුවෙන් නමක් නිර්දේශ කිරීමට නියමිතයි.

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ව එම ධුරයෙන් ඉවත් කිරීම සඳහා වූ පරීක්ෂණ කමිටුවක් පත්කිරීම සඳහා වූ යෝජනාවක් ඇතුළත් ඉල්ලීමක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 115 දෙනෙකුගේ අත්සනින් යුතුව ගරු කතානායක ජගත් වික්‍රමරත්න වෙත පසුගිය මාර්තු මස භාරදෙන ලද අතර, අනතුරුව එම පරීක්ෂණ කමිටුව පත් කිරීම සඳහා වූ යෝජනාව 2025 අප්‍රේල් 08 දින පාර්ලිමේන්තුවේදී සම්මත කෙරුණා.

පසුව පොලිස්පති ටී.එම්.ඩබ්ලිව්. දේශබන්දු තෙන්නකෝන් විසින් කර ඇතැයි කියන විෂමාචාර සහ සිය ධුරයේ බලතල බරපතල අන්දමින් අනිසි ලෙස යොදාගැනීම සම්බන්ධයෙන් විමර්ශනය කර වාර්තා කිරීමට අදාළ පරීක්ෂණ කමිටුව පත් කිරීම සිදුවුණා.

එම පරීක්ෂණ කමිටුව එවකට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු පී.පී. සූරසේනගේ සභාපතිත්වයෙන් සහ විනිසුරු ඩබ්ලිව්.එම්.එන්.පී. ඉද්දවල සහ ජාතික පොලිස් කොමිෂන් සභාවේ සභාපති ඊ.ඩබ්ලිව්.එම්. ලලිත් ඒකනායක යන අයගේ සාමාජිකත්වයෙන් සමන්විත වුණා.

පසුව පරීක්ෂණ කමිටුව පාර්ලිමේන්තුවේදී රැස්වී උක්ත පනතේ විධිවිධාන ප්‍රකාරව විමර්ශන සිදු කිරීමෙන් අනතුරුව මෙසේ එම පරීක්ෂණ කමිටුවේ අවසන් වාර්තාව පසුගිය ජූලි 21 දින කතානායකවරයාට භාරදීම සිදු කෙරුණා.

අනතුරුව එම වාර්තාව කතානායකවරයා විසින් ජූලි 22 දින පාර්ලිමේන්තුවේ සභාගත කරනු ලැබුවා.

පරීක්ෂණ කමිටුවේ වාර්තාවට අනුව පොලිස්පතිවරයාට එරෙහිව නගන ලද මුළු චෝදනා 23 අතරින් චෝදනා අංක 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 13, 14, 15, 16, 17, 18, 19, 22 සහ 23 සම්බන්ධයෙන් පොලිස්පතිවරයා වරදකරු බව තීරණය කර තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
11
+1
0
+1
7
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
GMOA එකෙන් ඇමති නලින්දට අභියෝගයක්..ප්‍රථමයෙන්ම පැමිණිලි කරන්න ඕනි ඔයාට විරුද්ධව
11:01
Video thumbnail
මේ ආණ්ඩුවට බෑ කියලා උඩ ඉන්න දෙයියෝත් දන්නවා
06:23
Video thumbnail
යතුරුපැදිකරු බරපතළ කළ බිහිසුණු අනතුර..බයික් එක කුඩේ කුඩු
01:04
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47
Video thumbnail
පෙරටුගාමීන් පාරට බැහැලා නගරයම දෙකක් කරයි..අපේ රට යුද පිටියක් වෙන එක නවත්තන්න බැහැ
07:45
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26