මේ වනවිට රක්ෂිත බන්ධාගාර ගතකර සිටින හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට තුන්වේලම නිවසින් කෑම ගෙන ඒමට අවසර ලබා දී තිබෙනවා.
බන්ධනාගාර කොමසාරිස්වරයා විසින් ඊයේ (24) දිනයේ සිට එම අවසරය ලබා දී ඇති බවයි වාර්තා වුණේ.
දුම්බර බන්ධනාගාරයේ රඳවා සිටින හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සිය ආහාරවේල නිවසින් ලබන ගැනීමට අවසර දෙන ලෙස ඉල්ලා පසුගිය දා ඉල්ලීමක් කර තිබුණා.
එම ඉල්ලීම සලකා බැලීමෙන් අනතුරුවයි මෙම අවසරය ලබා දී ඇත්තේ.
ඒ, අනුව බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ කොන්දේසිවලට අනුගත වෙමින් ආහාර ගෙන ඒම සිදුකළ යුතු වනවා.
එමෙන්ම දුම්බර බන්ධනාගාරයේ අධිකාරිවරයා නියම කරන වේලාවටම ආහාර රැගෙන ආ යුතුයි.
අදාළ ඉල්ලීමට අනුමැතිය ලැබීමත් සමඟ හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් බන්ධනාගාරයෙන් කෑම සැපයීම සම්පූර්ණයෙන්ම නතර කෙරෙන බවයි බන්ධනාගාර කොමසාරිස්වරයා පැවසුවේ.