දේශබන්දුගේ සිද්ධියට රනිල්ගෙන් ප්‍රකාශ ගනිද්දී ටිරාන් ගැන CIDයෙන් තවදුරටත් පුළුල් විමර්ශන – අධිකරණයට දැනුම්දෙයි (වීඩියෝ)

2023 වසරේ වැලිගම පැලෑන ප්‍රදේශයේ හෝටලයක් අසල සිදු වු වෙඩිතැබීමේ සිද්ධියකට අදාළ ව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගෙන් ප්‍රකාශයක් ගන්නා බවත්, හිටපු අමාත්‍යා ටිරාන් අලස් සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරන බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මාතර මහෙස්ත්‍රාත් අධිකරණයට දැනුම්දී තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් අද (03) මාතර මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩුව කැඳවනු ලැබු අවස්ථාවේ දී අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් එය අධිකරණයට දැනුම්දුන්නේ.

දැනට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින අනිවාර්යය නිවාඩු යවා සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාව දුම්බර බන්ධනාගාරය මගින් අධිකරණයට ඉදිරිපත් කෙරුණා.

පස්වරු ⁣2.00ට පමණ නඩුව කැඳවු අවස්ථාවේ දී නීතිපතිවරයා වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජනරාල් දීලිප පිරිස් මහතා දීර්ඝ ව කරුණු දක්වමින් හිටපු පොලිස්පතිවරයාට ඇප දීම සම්බන්ධයෙන් දැඩි ව විරුද්ධත්වය දැක්වූවා.

එහිදී දේශබන්දු තෙන්නකෝන් මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නිතිඥවරයා සඳහන් ක⁣ළේ ඕනෑම කොන්දේසියක් යටතේ සිය සේවාදායකයාට ඇප ලබාදෙන ලෙසයි.

ඉදිරිපත් වූ සියලු කරුණු සලකා බැලු මහේස්ත්‍රාත් අරුණ ඉන්ද්‍රජිත් බුද්ධදාස මහතා සඳහන් කළේ කරුණු අධ්‍යයනය කර ලබන අප්‍රේල් 10 වැනිදා ඇප දෙනවා ද නැද්ද යන්න නියෝගය ප්‍රකාශයට පත් කරන බවයි.

ඒ අනුව දේශබන්දු තෙන්නකෝන් මහතා ලබන අප්‍රේල් 10 දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස මහෙස්ත්‍රාත්වරයා නියෝග කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
3
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දැඩි විදුලි කප්පාදුවකට යන්න වෙනවා..වෘත්තිය සමිති අනතුරු අඟවයි..මේ බොරුවෙන් රට ගෙනියන්න බැහැ
08:39
Video thumbnail
"කුමාර ජයකොඩියා මඩ නාපු ඌ#ක් වගේනේ.."අනේ බැරිනම් ළදරුවෝ ටික අකුලන් යන්න..
05:58
Video thumbnail
"නරි බිරුවා කියලා සිංහයෝ බය වෙන්නේ නෑ"වසන්ත විපක්ෂයට කට උත්තර නැතිවෙන්න දෙසයි
07:43
Video thumbnail
බොරු කියන එකේ සීමාවක් තියෙන්න ඕනි..හැමවෙලේම ඇඟේ ගාගන්නවා..අඟුරු අරගෙන අපි දත් මැද්දා..
02:50
Video thumbnail
පැලවත්තේ පක්ෂ කාර්යාලයේ දැඩි උණුසුම් තත්ත්වයක්..ඔබතුමා පක්ෂ කාඩර්වරයෙක්..ඒකනේ වෙව්ලන්නේ
14:47
Video thumbnail
සුජීව කුපිත වී පාර්ලිමේන්තුවම දෙවනත් කරයි.."චීන අසූචි නැව අනුර කාලද අසූචි කිව්වේ..ජනපති ටොම් පචයෙක්
13:04
Video thumbnail
"මේකා මචන් දරුණු පොරක්..තනියම ආවේ"ගම්වැදුණු වන අලි රක්ෂිතයට ගිය අයුරු
01:25
Video thumbnail
වැල්ලවායේදී කරනම් ගැසූ ලොරිය..සියල්ල CCTV කැමරාවේ සටහන් වෙයි
00:47
Video thumbnail
බදාදා නිවාඩු දිනය අවලංගු වීමත් සමඟ අද පැවති තත්ත්වය..
00:52
Video thumbnail
පුරාවිද්‍යා ප්‍රශ්නයක් නිසා උදෙන්ම රත්වුණ පාර්ලිමේන්තුව..සමහර කරුණු නොමඟ යවන සුළුයි
03:25