දේශබන්දුගේ සිද්ධියට රනිල්ගෙන් ප්‍රකාශ ගනිද්දී ටිරාන් ගැන CIDයෙන් තවදුරටත් පුළුල් විමර්ශන – අධිකරණයට දැනුම්දෙයි (වීඩියෝ)

2023 වසරේ වැලිගම පැලෑන ප්‍රදේශයේ හෝටලයක් අසල සිදු වු වෙඩිතැබීමේ සිද්ධියකට අදාළ ව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගෙන් ප්‍රකාශයක් ගන්නා බවත්, හිටපු අමාත්‍යා ටිරාන් අලස් සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරන බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මාතර මහෙස්ත්‍රාත් අධිකරණයට දැනුම්දී තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් අද (03) මාතර මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩුව කැඳවනු ලැබු අවස්ථාවේ දී අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් එය අධිකරණයට දැනුම්දුන්නේ.

දැනට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින අනිවාර්යය නිවාඩු යවා සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාව දුම්බර බන්ධනාගාරය මගින් අධිකරණයට ඉදිරිපත් කෙරුණා.

පස්වරු ⁣2.00ට පමණ නඩුව කැඳවු අවස්ථාවේ දී නීතිපතිවරයා වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජනරාල් දීලිප පිරිස් මහතා දීර්ඝ ව කරුණු දක්වමින් හිටපු පොලිස්පතිවරයාට ඇප දීම සම්බන්ධයෙන් දැඩි ව විරුද්ධත්වය දැක්වූවා.

එහිදී දේශබන්දු තෙන්නකෝන් මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නිතිඥවරයා සඳහන් ක⁣ළේ ඕනෑම කොන්දේසියක් යටතේ සිය සේවාදායකයාට ඇප ලබාදෙන ලෙසයි.

ඉදිරිපත් වූ සියලු කරුණු සලකා බැලු මහේස්ත්‍රාත් අරුණ ඉන්ද්‍රජිත් බුද්ධදාස මහතා සඳහන් කළේ කරුණු අධ්‍යයනය කර ලබන අප්‍රේල් 10 වැනිදා ඇප දෙනවා ද නැද්ද යන්න නියෝගය ප්‍රකාශයට පත් කරන බවයි.

ඒ අනුව දේශබන්දු තෙන්නකෝන් මහතා ලබන අප්‍රේල් 10 දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස මහෙස්ත්‍රාත්වරයා නියෝග කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
3
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස්වලට නැගලා සද්දේ දාන සිඟිති පාතාලේ - මූණ කු#ඩුවෙන්න දෙන්නේ
01:55
Video thumbnail
රනිල් බුද්ධ ශාසන ඇමතිව අගය කරයි
04:54
Video thumbnail
රනිල් - මහින්ද - මෛත්‍රී - ගෝඨා එකට රැස්වෙයි
02:15
Video thumbnail
ශ්‍රී මහ බෝධියට ජන ගඟක් ගලාගෙන එයි
01:15
Video thumbnail
බෙල්ලන්විල රජමහ විහාරය සිල් සුවඳින් පිරී යයි
01:08
Video thumbnail
'ස්ට්‍රෙන්ත් ඇන්ඩ් හාමනි' සම්මානය දිනා හංසනා දිවයිනට
00:44
Video thumbnail
දෙල්ගොඩ කර්මාන්ත ශාලාවක ලොකු ගින්නක්
02:46
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37


?