තමන්ව අත්අඩංගුවට ගන්නා ලෙස මාතර මහේස්ත්‍රාත් අධිකරණය ලබා දී ඇති නියෝගය අත්හිටුවන ලෙස ඉල්ලා හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සමට අදාළව ඔහුගේ නීතිඥවරු විසින් අභියාචනාධිකරණයට මෝසමක් ඉදිරිපත් කර තිබෙනවා.
එම මෝසම මඟින් අධිකරණයට දන්වා ඇත්තේ මෙම නඩුකරයට අදාළ තවත් ලේඛන කිහිපයක් ඉදිරිපත් කිරීමට අවසර ලබාදෙන ලෙසයි.
මෙම නඩුකරය තුළින් ඉල්ලා තිබෙන අතුරු තහනම් නියෝගය නිකුත් කරනවා ද නැද්ද යන තීන්දුව අද (17) දිනයේ ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබිය ඔහුගේ නීතිඥවරු විසින් මෙම මෝසම ඉදිරිපත් කර තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1