දේශබන්දුගෙන් සහන ලැබෙන පොලිස්පති මහජන සහන දිනය අද සිට

අද (15) දිනයේ සිට පොලිස්පති මහජන සහන දිනය ආරම්භ කරන බව පොලිස් මාධ්‍ය කොට්ටාසය පසුගිය දා නිවේදනය කළා.

කොවිඩ් වසංගතය හේතුවෙන් තාවකාලිකව නතර කර තිබූ පොලිස්පති මහජන සහන දිනය වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ තීරණයක් අනුවයි මෙලෙස අද (15) සිට යළි ආරම්භ වන්නේ.

අද (15) දිනයේ සිට රජයේ නිවාඩු දින හැර සෑම සිකුරාදා දිනකම පෙරවරු 9.00ට පොලිස්පති මහජන සහන දිනය පැවැත්වෙනවා.

ඒ, අනුව පොලිස් ස්ථානවලට සහ විමර්ශන අංශවලට අපේක්ෂිත සහනයක් නොලැබුන හෝ අනවශ්‍ය ප්‍රමාදවීම් සම්බන්ධයෙන් පොලිස්පතිවරයාට මෙහි දී පැමිණිලි ඉදිරිපත් කිරීමේ හැකියාව පවතිනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සෑම සිකුරාදා දිනයකදීම මහජන සහන දිනයට පැමිණීමට බලාපොරොත්තු වන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
0
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?