දේශපාලන හෙංචයියන්ගේ තවත් ජාවාරමක්

පුත්තලම පාලාවිය කල්පිටිය මාර්ගයේ කරඹ ප්‍රදේශයේදී මෙම මාර්ගයට හා කරඹ පුලිදිවයල් මාර්ගයට ආසන්නව පිහිටි කලපු රක්ෂිතය (ඹ්ඩය)කිසියම් පිරිසක් විසින් ගොඩ කර ඒ හරහා මාර්ගයක් ඉදිකර විකිණීමට සැලසුම් කර තිබෙනවා.මීට පෙරද 2010 වසරේදී පමන මෙම ප්‍රදේශය දේශපාලන හෙංචයියන්ගේ සහචර ජාවාරම් කරුවන් විසින් අත්පත් කර ගනිමින් සිටියදි මාධ්‍ය මගින් හෙලි කිරීමත් සමග මෙය නවතා දැමුවා. කාලයක් තිස්සේ කලපුව රක්ෂිතය හරහා වැටවල් ඉදිකරමින් මෙම භූමිය සුක්ෂම ලෙස අයිතිකර ගැනීමට කල උත්සහ මාධ්‍ය වාර්ථා කිරීමත් සමග නැවතුනද වර්ථමානය වන විට එය නැවත අත්පත් කර ගනිමින් සිටින්නේ වගකිව යුතු රාජ්‍ය ආයාතන නිළධාරී කිසිවක් නොදන්නා සේ සිටීම නිසයි.

ඉස්සන් වගා කිරීමේ හා ලුණු ව්‍යාපෘති කිරීමේ මුවාවෙන් කලපුවේ ඉඩම් ලබා ගනිමින් සිදුකරන ඉඩම් ජාවාරම නිසා කලපුවේ අලංකාරය සම්පූර්ණයෙන්ම විනාශයට පත් වී හමාරයි.ඉස්සන් පොකුනු ලුණු කොටු අතර මහා විශාල කොන්ක්‍රිට් ඉදිකිරීම් ඉදිකර තිබෙන්නේ පරිසර අලංකාරය විනාශයට පත් කරමින්.

වර්ථමානය වන විට ඉතිරි වී ඇති ඉතා සුලු බිම් ප්‍රමාණයක් වුවද එය ජාවාරම් කරුවන්ගේ ග්‍රාහනයට නතුවී ගොඩ කරමින් රක්ෂිත වෙනුවට කොන්ක්‍රිට් වනාන්තර ඉදිකිරීමට කටයුතු කරමින් සිටී.නිරන්තරයෙන් රාජ්‍ය නිළධාරීන් උදේ හවා ගමන් කරන ප්‍රධාන මාර්ගය ආසන්නයේ සිදුවන මෙවැනි නිති විරෝධී ක්‍රියාවක් නැවැත්වීමට කටයුතු කරනවා වෙනුවට එය ඉටු කරන්නට ඉඩ දී කිසියම් ජනතා බල පෑමක් පැන නැගුනහොත් පමණක් තාවකාලිකව නැවැත්වීමට රාජ්‍ය නිළධාරින් බලා සිටින්නේ තමන්ගේ සාක්කුව පුරවා ගැනීමට අවශ්‍ය පසුබිම සකසා ගැනීමටයි.

රාජ්‍ය නිළධාරී මේවා නොදන්නා සේ බලා සිටීම විමතියට කරුණක් නොවන්නේ ඔවුන්ගේ ක්‍රියා කලාපය නිරන්තරයෙන් එලෙස සිදුවන හෙයිනි.වගකිව යුතු රාජ්‍ය නිළධාරීන් මෙවැනි පරිසර පද්ධිත් ආරක්ෂා කරනවා වෙනුවට මේවා විනාශ කිරීමට ඉඩ දී පසුව එම ඉඩම් නිත්‍යාණුකූලව ලබාදීමට පියවර ගන්නවා හැර මේවා යලි ප්‍රතිෂ්ථාපනය කිරීමට කටයුතු කරන්නේ නැත.

රජයට අයත් ඉඩම් සහා පොදු මහජනතාවට වැදගත් බූමින් අල්ලා ගැනීමේ හොඳම ක්‍රමය බවට පත් වී තිබෙන්නේ කිසිම අනු දැනුමකින් තොරව අල්ලා ගැනීමයි.මෙම බූමි ප්‍රමානය ගොඩ කිරීමෙන් සිදුවන්නේ ඉහල ප්‍රදේශවල ජීවත්වන ජනතාවට ගංවතුර තත්වයන්ට මුහුන දීමටයි.

වැසි කාලයේදී අවට ඒකරාශී වන සියලු ජලය කලපුවට එකතු වන්නේ මේ හරහාය.වසර 74ක් මේ රට විනාශ කල බවට දේශපාලන අධිකාරියට පමනක් චෝදනා එල්ල වුවද ඉන් සියයට 75 ක වගකීම මෙවැනි මහා පරිමාන ඉඩම් මංකොල්ලයන්ට ඉඩ දී පරිසරය පද්ධතින් විනාශ කරන්න සහයෝගය ලබා දෙමින් තම සාක්කුව පුවා ගත් දූෂිත රාජ්‍ය නිළධාරීන් බාර ගත යුතුය.මේ ගොඩකර ඇති ස්වභාවික පරිසර පද්ධතිය යලි තිබූ තත්වයට සකස් කරනවාද මුදලට යටවී මේ භූමිය ඔවුන් සන්තකයට පවරනවාද යන් අවධානයෙන් බලා සිටිමු.රටට පරිසරයට ආදරය කරන රට වැසියන්ගේ අවධානයටයි.

මේ පිළිබඳ කල්පිටිය ප්‍රාදේශිය ලේකම් ප්‍රදීප් දනසූරිය මහතාගෙන් දුරකථනයෙන් විමසීමේදී ප්‍රකාශ කර සිටියේ මෙය නැවැත්වීමට පියවර ගන්නා බවත් නිතිමය කටයුතු සොයා බලා ඉදිරි පියවර ගන්නා බවත්ය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගම්මන්පිලගේ පොත ගැන මුජිබුර්ගෙන් ප්‍රබල හෙළිදරව්වක්..එක එක්කෙනා බේරගන්න කරන Project එකක් මේ
10:36
Video thumbnail
සජබ සෙට් එකක් ගමක් පිරිවරාගෙන ගිහින් දේව කන්නලව්වක් කළ අයුරු.."අනුර භංගවේවා" කියලා කට්ටිය පොල් ගහයි
03:45
Video thumbnail
උත්සව සමයේ තෙල් මිල වෙනස් වීමක් වෙයිද ?..මුල් සතිය ඇතුළත සේරම තෙල් නැව් ටික ළඟා වෙනවා
03:35
Video thumbnail
වසන්තටයි, ලාල්කාන්තටයි අනුරාධ දැම්ම සැර සත්තම..ගොවියාට කෙලියෝ කෙලියෝ කෙලියෝ..මේක පාන්ඩුවක්
07:41
Video thumbnail
කොන්ද පණ නැති නායකයෙක් අපිට ඉන්නේ..පාස්කුවේ මහ මොළකරුවෙක් නෑ..ඒක මිත්‍යාවක්
06:08
Video thumbnail
ජල ගැටලුව නිසා ජනතාවත් දැඩි පහසුතාවයට..1.5km ගිහින් මූලික අවශ්‍යතා ඉටු කරගන්නේ
03:27
Video thumbnail
පවතින කාලගුණයෙන් හැමෝම පරිස්සම් වෙන්න..ගස් කඩා වැටීම් වෙන්න පුළුවන්
03:24
Video thumbnail
ජල කප්පාදු කරන කාලය පැය කිහිපයකින් අඩු කරනවා..අප්‍රේල් මාසයට අවශ්‍ය ජල ප්‍රමාණය තියෙනවා
08:43
Video thumbnail
අනතුරකින් පාදයේ ආබාධයකයට ලක්වූ සෙබඩකට පිහිටට ආ තරුණ යුවළ
01:01
Video thumbnail
වියළි කාලගුණය හමුවේ ගාල්ලේ දැන් තත්ත්වය
00:54