දේශපාලන ස්ටිකර් හෝ පෝස්ටර් පුද්ගලික බස්වල ප්‍රදර්ශනය නොකිරීමේ තීරණයක්

කිසිඳු දේශපාලන පක්ෂයක ස්ටිකර් හෝ පෝස්ටර් පෞද්ගලික බස් රථවල ප්‍රදර්ශනය නොකරන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජයරත්න පවසනවා.

කොළඹ දී මාධ්‍ය හමුවක් කැඳවමින් ඔහු මේ බව සඳහන් කළා.

ඔහු එහිදී වැඩිදුරටත් කියා සිටියේ ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ පනතේ ප්‍රතිපාදන මත මෙම තීරණ ගෙන ඇති බවයි.

මෝටර් රථ ආඥා පනතෙ ද මේ පිළිබඳව දැනුවත් කර ඇති බවත්, ඒ හේතුවෙන් කිසිදු දේශපාලන පක්ෂයක පෝස්ටර් සහ ස්ටිකර් ඇලවීම සපුරා තහනම් බවයි සභාපතිවරයා කියා සිටියේ.

දේශපාලන පක්ෂ රැස්වීම් සඳහා කුලී පදනම් මත බස් රථ ලබාදීම සාමාන්‍ය දෙයක් බවත්, පෙර ආකාරයෙන් නීති විරෝධී කටයුතු සිදුනොකරන බව ද ඔහු මෙහිදී පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
6
+1
0
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?