දේශපාලනඥයෙකු පැදවූ වෑන් රියේ ගැටී නව යුවළකට බරපතළ හානි – සැමියා මරුට

හෙටින් (01) උදාවන නව වසර උදාව සතුටින් පිළිගැනීම සඳහා අලුත් ඇඳුම් පැළඳුම් මිල දී ගෙන නැවත යතුරුපැදියකින් සිය නිවස බලා යමින් සිටි තරුණ යුවළක් රිය අනතුරකට ලක් වීමෙන් සැමියා ජීවිතක්ෂයට පත් ව තරුණිය බරපතළ තුවාල ලබා මහනුවර රෝහලට ඇතුළත් කර තිබෙනවා.

ඊයේ (30) රාත්‍රී 9.30ට පමණ මෙම අනතුර සිදු වූයේ උඩුනුවර – දවුලගල – දොළවන්වලපිටිය ප්‍රදේශයේ දී යි.

මරණකරු පදවාගෙන ආ යතුරුපැදියේ වෑන් රථයක් ගැටීමෙන් මෙම අනතුර සිදු වුණා.

එහිදී 23 හැවිරිදි තරුණ සැමියා මියගොස් ඇති අතර 19 හැවිරිදි තරුණ බිරිඳ බරපතළ තුවාල ලබා සිටියදී වෑන් හිමිකරු විසින් ම ඔවුන් ව රෝහල්ගත කිරීමට කටයුතු කෙරුණා.

සිද්ධියෙන් මියගොස් ඇත්තේ දවුලගල – කැලියල්පිටිය ප්‍රදේශයේ පදිංචි අසංක මධුෂාන් යන අයයි.

ඔහුගේ බිරිඳ වූ උත්පලා මහේෂිකා මේ වනවිට බරපතළ තුවාල ලබා රෝහල්ගත කර ප්‍රතිකාර ලබනවා.

මෙවර මහ මැතිවරණයට ගෑස් සිලින්ඩරය ලකුණ යටතේ උඩුනුවර ආසනයෙන් තරග කළ රනිල් රාජපක්ෂ යන අය පැද වූ වෑන් රථයටයි මොවුන් දෙපළ ගැටී ඇත්තේ.

සිද්ධියෙන් පසු වාහනයේ හිමිකරු විසින් මෙම තුවාලකරුවන් පේරාදෙණිය රෝහල වෙත රැගෙන ගොස් භාර දී තමන්ට ද පපුවේ අමාරුවක් යැයි පවසා මහනුවර පුද්ගලික රෝහලකට ඇතුළත් වී තිබෙනවා.

මහනුවර වැඩබලන මහේස්ත්‍රාත් ලියනගේ මහතා අද (31) සවස සැකකරු ප්‍රතිකාර ලබන පුද්ගලික රෝහල වෙත පැමිණ පරීක්ෂා කර බලා ඔහු ලබන 15 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කෙරුණා.

සිද්ධිය සම්බන්ධයෙන් පේරාදෙණිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
0
+1
11
+1
1
+1
4
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන..දැකපු දෙස් විදෙස් අයත් මවිත වුණ දේ
01:33
Video thumbnail
Kasthirama | "යළි ගොඩනැගෙන්නට සවිය අවැසි හෙට දවස" - කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:25:26
Video thumbnail
මෙන්න කාළගුණයේ වෙන්න යන නොසිතූ වෙනස..අත්‍යවශ්‍ය වැඩවලට විතරක් එළියට යන්න
04:02


?