දේශපාලඥයින් හා රාජ්‍ය නිලධාරින් ගනු ලබන තීරණවල වින්දිතයන් බවට පත්ව ඇත්තේ මහජනයායි – ජනපති

මෑත කාලයේ ආණ්ඩුවක් ප්‍රාග්ධන වියදම් ලෙස වෙන් කළ විශාලම මුදල වන රුපියල් බිලියන 1,400කට ආසන්න මුදලක් මෙවර අයවැයෙන් සංවර්ධන කටයුතු සඳහා වෙන් කර තිබෙන බවත්, මෙම වසර අවසන් වීමට පෙර එම ප්‍රතිපාදන නිසි පරිදි වැය කරමින් අපේක්ෂිත ආර්ථික වර්ධන ඉලක්ක සපුරා ගැනීමට දායක වීම දේශපාලන අධිකාරියේ මෙන්ම රාජ්‍ය නිලධාරින්ගේ ද වගකීම බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක අවධාරණය කළා.

දේශපාලන අධිකාරිය සහ රාජ්‍ය නිලධාරින් විසින් ගනු ලබන තීන්දූ තිරණවල වින්දිතයන් බවට පත්ව ඇත්තේ ඊට කිසිදු සම්බන්ධයක් නොමැති පොදු ජනතාව බව පෙන්වා දුන් ජනාධිපතිවරයා තවදුරටත් ඊට ඉඩ නොතැබිය යුතු බව ද ජනාධිපතිවරයා අවධාරණය කළා.

ජනාධිපති අනුර කුමාර දිසානායක මේ බව සඳහන් කළේ අද (11) පස්වරුවේ මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේ දී පැවති මාතර දිස්ත්‍රික් විශේෂ සම්බන්ධීකරණ කමිටු රැස්වීමට සහභාගී වෙමින්.

මේ වසරේ 5%ක ආර්ථික වර්ධන වේගයක් රජය අපේක්ෂා කරන බවත්, රාජ්‍ය ආයෝජන ඉහළ යාම ආර්ථික වර්ධනයට සැලකිය යුතු දායකත්වයක් ලබාදෙන බවත් පෙන්වා දුන් ජනාධිපතිවරයා එයින් රටේ සංවර්ධන කාර්යය පණ ගැන්වීමට හැකියාව ලැබෙන බවද පෙන්වා දුන්නා.

රජය වෙන් කර තිබෙන ප්‍රාග්ධන වියදම් නිසි පරිදි වැය කිරීමට අපොහොසත් වුවහොත් එම චක්‍රය බිඳ වැටෙන බවත්, එබැවින් මෙම ප්‍රතිපාදන නිසි පරිදි වැය කිරීමට සියලුදෙනා කැප විය යුතු බවත් ප්‍රකාශ කළ ජනාධිපති අනුර කුමාර දිසානායක, මීට පෙර ප්‍රාග්ධන වියදම් ලෙස වෙන් කළ ප්‍රතිපාදන, එම ප්‍රමාණයෙන්ම, නියමිත කාලවලදී නොලැබුණු ඉතිහාසයක් රටේ තිබූ බවද සිහිපත් කළා.

2025 අයවැයෙන් අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු සහ ආයතන මට්ටමින් මාතර දිස්ත්‍රික්කයේ සංවර්ධන ව්‍යාපෘති සඳහා වෙන් කර ඇති ප්‍රතිපාදන සහ ඒ යටතේ මෙතෙක් ආරම්භ කර ඇති ව්‍යාපෘතිවල ප්‍රගතිය මෙහිදී සමාලෝචනය කෙරුණා.

දිස්ත්‍රික්කයේ කෘෂිකර්ම, ධීවර, සෞඛ්‍ය, අධ්‍යාපන, ග්‍රාමීය මාර්ග සංවර්ධනය, ඉඩම්, වාරිමාර්ග යන ක්ෂේත්‍රවල මතුව ඇති ගැටලු සහ ඒවාට ලබා දිය හැකි විසඳුම් පිළිබඳවද සාකච්ඡා කෙරුණා.

නිල්වලා ලවණ බාධකය පිළිබඳ ගැටලුව කෙරෙහි මෙහිදී ජනාධිපතිවරයාගේ විශේෂ අවධානයක් යොමු වූ අතර, දීර්ඝ කාලයක් පුරා ප්‍රදේශයේ ජනතාව මුහුණ දී සිටින එම ගැටලුව විසඳීමේ අවශ්‍යතාව අවධාරණය කරමින්, ඒ පිළිබඳව සිදු කළ පර්යේෂණ වාර්තා සමාලෝචනය කිරීම සඳහා අදාළ ක්ෂේත්‍රයන්හි ප්‍රවිණයන්ගෙන් සමන්විත විශේෂඥ කමිටුවක් මාසයක් ඇතුළත පත් කර වාර්තාවක් ලබා ගැනීමට කටයුතු කරන ලෙසටද උපදෙස් දුන්නා.

එමෙන්ම, මාතර දිස්ත්‍රික්කයේ ගංවතුර තත්ත්වය මුළුමනින්ම පාලනය කිරීම සඳහා ප්‍රධාන සැලැස්මක අවශ්‍යතාව පෙන්වා දුන් ජනාධිපතිවරයා ආසියානු සංවර්ධන බැංකුව හෝ ලෝක බැංකුව මගින් ඒ පිළිබඳ නැවත අධ්‍යයනයක් සිදුකර, එය ප්‍රායෝගිකව ක්‍රියාත්මක වන තෙක් දෛනිකව මුහුණ දෙන ගැටලු විසදා ගැනීමට අදාළ කෙටිකාලීන විසඳුම් ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම ද පෙන්වා දුන්නා.

කැළිකසළ ගැටලුව හේතුවෙන් දිස්ත්‍රික්කයේ මතුව ඇති තත්ත්වය සහ ඒ සඳහා ගන්නා ක්‍රියාමාර්ගවලට පහසුකම් සැලසීම පිළිබඳවද මෙහිදී අවධානය යොමුවුණා.

මාතර දිස්ත්‍රික්කය තුළ පවතින දැනට පරිහරණයට නොගන්නා රජයේ විශාල ගොඩනැගිලි ඵලදායී සංවර්ධන කාර්යයන් සදහා යෙදවීමේ වැදගත්කම පෙන්වා දුන් ජනාධිපතිවරයා මාතර සංස්කෘතික මධ්‍යස්ථානය ඉදිකිරීම වෙනුවෙන් විශාල මුදලක් වැය කළ ද, එය ඵලදායී කාර්යයක් සඳහා මෙතෙක් යොදවා ගෙන නොමැති බවත්, දිරාපත් වෙමින් පවතින එම ගොඩනැගිල්ල පිළිබඳ අවසන් තීරණයක් ගැනීමට අදාළ යෝජනා කඩිනමින් ඉදිරිපත් කරන ලෙසත් නිලධාරින්ට උපදෙස් දුන්නා.

පොල්හේන යෝජිත ක්‍රිකට් පුහුණු පාසලේ ඉදිකිරීම් පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරුණු අතර, ඊට අදාළ යෝජනාව සකස් කර ඉදිරිපත් කරන ලෙසත්, ඊට අවශ්‍ය කැබිනට් අනුමැතිය ලබා ගැනීමට මැදිහත්වන බවත් ජනාධිපතිවරයා සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
GMOA එකෙන් ඇමති නලින්දට අභියෝගයක්..ප්‍රථමයෙන්ම පැමිණිලි කරන්න ඕනි ඔයාට විරුද්ධව
11:01
Video thumbnail
මේ ආණ්ඩුවට බෑ කියලා උඩ ඉන්න දෙයියෝත් දන්නවා
06:23
Video thumbnail
යතුරුපැදිකරු බරපතළ කළ බිහිසුණු අනතුර..බයික් එක කුඩේ කුඩු
01:04
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47
Video thumbnail
පෙරටුගාමීන් පාරට බැහැලා නගරයම දෙකක් කරයි..අපේ රට යුද පිටියක් වෙන එක නවත්තන්න බැහැ
07:45
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26