දේශගුණ විපර්යාසයට හේතුව ආදිවාසී නායකයා කියයි

පවතින දේශගුණ විපර්යාසයට හේතුව මිනිසාගේ අවිධිමත් ක්‍රියාවන් බව ආදිවාසී නායක ඌරුවරිගේ වන්නියලැත්තන් පවසනවා.

ශ්‍රී දළදා මාළිගාවේ වාර්ෂික මීපැණි පූජාව සඳහා පැමිණි ආදිවාසී නායකයා මල්වතු පාර්ශවයේ මහ ,නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමි බැහැ දැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි මේ බව ප්‍රකාශ කළේ.

මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න හමුවේ ආදිවාසී නායකයා කියා සිටියේ මේ වන විට ලෝකය ගෝලීය වශයෙන් විශාල දියුණුවක් ලබා සිටියත් ඒ සමඟම මිනිසා විසින් විශාල පරිසර හානියක් දූෂණයක් සිදු කර ඇති බවයි.

ඉවක් බවක් නොමැතිව වනාන්තර විනාශ කිරීම, වන සතුන් විනාශ කිරීම මේ වන විට අප රටට පමණක් නොව ලෝකයටම බලපා ඇති දේශගුණ විපර්යාසයට ප්‍රධාන හේතුවක් බවයි හෙතෙම පෙන්වා දෙන්නේ.

මේ වන විට පවතින දැඩි නියඟය හේතුවෙන් රටේ ගොවිතැන් විනාශ වී ජනතාව දැඩි පීඩාවකට පත්ව සිටින අවස්ථාවේ වන්දි ගෙවීම පමණක් නොව ජනතාව දෙස මානවවාදීව හිතා බලා තීරණ ගැනීම රජයේ වගකීම බව ද ආදිවාසී නායකයා ප්‍රකාශ කළා.

රටේ සිදුවන වන විනාශයට එරෙහිව තමා මේ වෙනවිට අධිකරණයට පවා ගොස් ඇති අතර තම වර්ගයාට සිදුව ඇති අසාධාරණකම් වෙනුවෙන් මේ දක්වා සාධාරණයක් ඉටු වී නොමැති බවයි ඌරුවරිගේ වන්නියලැත්තන් වැඩිදුරටත් කියාසිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
2
+1
1
+1
4
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනතුරකින් පාදයේ ආබාධයකයට ලක්වූ සෙබඩකට පිහිටට ආ තරුණ යුවළ
01:01
Video thumbnail
වියළි කාලගුණය හමුවේ ගාල්ලේ දැන් තත්ත්වය
00:54
Video thumbnail
බලශක්ති ඇමතිගේ පොටෝ එකක් අරන් ගමක් දෙවනත් කළ පන්දම් විරෝධතාව..පච අනුර එදා කිව්වේ බොරු..
08:33
Video thumbnail
වැඩ වර්ජනය නිසා මිනිසුන්ගේ රතු කට්ට පනියි..ඡන්දේ දීලා අපි විදින දුකක්..මාසෙකට කීයක් Strike කරනවද
03:43
Video thumbnail
PHI සෙට් එකක් අත්‍යවශ්‍ය ආහාර ගබඩා සහ වෙළඳසැල්වලට ඇවිත් දුන්න ෆුල් සුද්දය
03:58
Video thumbnail
"Private ගන්න සල්ලි නෑනේ මහත්තයෝ"..වෛද්‍ය වැඩ වර්ජනය හේතුවෙන් රෝගීන් දැඩි අපහසුතාවයට
01:44
Video thumbnail
වියළි කාලගුණය හමාර කරමින් බුත්තලට සහ මොණරාගලට තද වැසි
00:58
Video thumbnail
"අඩේ..අඩේ..ඉක්මනට ඇතුළට ඇදහන් බන්" යතුරුපැදියක් - ලොරියක වැදී සිදුවූ බිහිසුණු අනතුර
01:29
Video thumbnail
අනතුරකින් පාදයේ ආබාධයකයට ලක්වූ සෙබඩකට පිහිටට ආ තරුණ යුවළ
01:25
Video thumbnail
නැව ගිලුණත් බෑන් චූන් රටේ වහල් මිනිස්සු - චෝදනා ඔප්පු කරන්න - නැත්නම් කටපියන් ඉන්න
41:21