දේශගුණික විපර්යාසවලට මුහුණ දෙන්න ජාතික උපදේශක කමිටුවක්

දේශගුණික විපර්යාසවලට මුහුණදීම සඳහා ශ්‍රී ලංකාව ගෙන යන උපායමාර්ගික වැඩපිළිවෙළ මෙහෙයවීමට පෞද්ගලික සහ රාජ්‍ය අංශයේ ආයතන සම්බන්ධ කර ගනිමින් ජාතික උපදේශක කමිටුවක් පිහිටුවා ගැනීමේ වැදගත්කම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දී තිබෙනවා.

එම කමිටුව අවම වශයෙන් මාස 06කට වරක්වත් රැස්වී එම කටයුතුවල ප්‍රගතිය සමාලෝචනය කළයුතු බවයි ජනාධිපතිවරයා යෝජනා කළේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ දේශගුණික විපර්යාසවලට මුහුණදීමේ ශ්‍රී ලංකාවේ මුලපිරීම්වල ප්‍රගතිය සමාලෝචනයට අද (23) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවට එක් වෙමින්.

ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් සහ විශේෂඥයන් රැසක් සහභාගී වී සිටි මෙම සාකච්ඡාවේ දී ඉදිරි දේශගුණික විපර්යාසවලට මුහුණදීම සඳහා රටක් ලෙස ක්‍රියාත්මක කළයුතු උපාය මාර්ගික වැඩපිළිවෙළ පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබෙනවා.

දේශගුණික විපර්යාස නිසා ඇතිවන දේශීය මෙන්ම ගෝලීය අභියෝගයන්ට මුහුණදීමට ශක්තිමත් වැඩපිළිවෙළක් අවශ්‍ය බව මෙහිදී පැවසු ජනාධිපතිවරයා ගෝලීය වශයෙන් එම අභියෝගය ජය ගැනීමේ දී ශක්තිමත් ජාත්‍යන්තර සහයෝගීතාවයක වැදගත්කම ද පෙන්වා දෙනු ලැබුවා.

සෑම කටයුත්තකදීම වැදගත්ම සාධකය වන්නේ මූල්‍ය ක්ෂේත්‍රය බවත්, දේශගුණික අභියෝගවලට මුහුණදිය හැකි අන්දමින් ශක්තිමත් ආර්ථිකයක් රට තුළ ගොඩනඟා ගැනීමේ අවශ්‍යතාවයත් ජනාධිපතිවරයා පැහැදිළි කළා.

ඒසේම දේශගුණික අභියෝග ජය ගැනිමේ දී ජාත්‍යන්තර සම්මුතීන්ට සහ න්‍යාය පත්‍රවලට අනුගතව කටයුතු කිරීමේ අවශතාව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පෙන්වා දී තිබෙනවා.

ශ්‍රී ලංකාවේ ස්ථාපිත කිරීමට යෝජිත දේශගුණික විපර්යාස පිළිබඳ විශ්වවිද්‍යාලය ජාත්‍යන්තර පර්යේෂණ මධ්‍යස්ථානයක් ලෙස පවත්වාගෙන යා යුතු බවත් එය දේශගුණික විපර්යාස අවම කිරීම පිළිබඳ ශ්‍රී ලංකාවේ කැපවීමේ සංකේතයක් විය යුතු බවත් ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළා.

දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජේවර්ධන මහතා මෙහිදී අදහස් දක්වමින් කියා සිටියේ දේශගුණික විපර්යාස පිළිබඳ යෝජිත විශ්වවිද්‍යාලය පිහිටුවීමේ කටයුතු පිළිබඳව කේම්බ්‍රිජ් ඇතුළු ලොව ප්‍රමුඛ පෙළේ විශ්වවිද්‍යාල සමඟ සාකච්ඡා කර තිබෙන බවයි.

එසේම ඉදිරියේ දී පැවැත්වීමට නියමිත දේශගුණික විපර්යාස සමුළුව (COP28) සඳහා ඉදිරිපත් කිරීමට යෝජිත කරුණු පිළිබඳව ද මෙහිදී සාකච්ඡාවට ලක් කෙරුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි ගත්ත තීන්දු විමල් වීරවංශට උපවාසය නවත්තන්න හේතුවක් වෙන්නේ නෑ
05:57
Video thumbnail
ලාල් කාන්තගේ ප්‍රකාශයට මිහින්තලේ හිමි CIDයට එයි
06:00
Video thumbnail
AIවලින් රටක් කරන්න බෑනේ..එහෙනම් ට්‍රම්ප් කරනවනේ..ළමයි රොබෝලා කරලා රටක් දියුණු කරන්න පුළුවන්ද?
09:16
Video thumbnail
6 ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරට කල් දැමේ..වගකිය යුතු නිලධාරින්ට දැඩි විනය ක්‍රියාමාර්ග
03:43
Video thumbnail
ලාල් කාන්තලාට ඒ කාලේ කන්න දුන්නේ හාමුදුරුවෝ
04:07
Video thumbnail
Breaking News
02:36
Video thumbnail
මධ්‍යම කඳුකරය ගැන ජනපති සංවේදී වෙමින් කිව්ව කතාව
02:21
Video thumbnail
වාහනයෙන් ගිය හරිනිට විමල් ඇතුළු සෙට් එක හූ..කියයි
00:33
Video thumbnail
සත්‍යග්‍රහයට ආ අපිලාගේ සාදුගෙන් අධ්‍යාපන ලේකම්ට සැර සත්තමක්.."මේකා හරිනිට කඩේ යනවා"
06:36
Video thumbnail
විමල්ගේ සහයට තවත් ප්‍රබලයෙක් එකතුවෙයි
04:04


?