දේශගුණික විපර්යාසවලට මුහුණ දෙන්න ජාතික උපදේශක කමිටුවක්

දේශගුණික විපර්යාසවලට මුහුණදීම සඳහා ශ්‍රී ලංකාව ගෙන යන උපායමාර්ගික වැඩපිළිවෙළ මෙහෙයවීමට පෞද්ගලික සහ රාජ්‍ය අංශයේ ආයතන සම්බන්ධ කර ගනිමින් ජාතික උපදේශක කමිටුවක් පිහිටුවා ගැනීමේ වැදගත්කම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දී තිබෙනවා.

එම කමිටුව අවම වශයෙන් මාස 06කට වරක්වත් රැස්වී එම කටයුතුවල ප්‍රගතිය සමාලෝචනය කළයුතු බවයි ජනාධිපතිවරයා යෝජනා කළේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ දේශගුණික විපර්යාසවලට මුහුණදීමේ ශ්‍රී ලංකාවේ මුලපිරීම්වල ප්‍රගතිය සමාලෝචනයට අද (23) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවට එක් වෙමින්.

ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් සහ විශේෂඥයන් රැසක් සහභාගී වී සිටි මෙම සාකච්ඡාවේ දී ඉදිරි දේශගුණික විපර්යාසවලට මුහුණදීම සඳහා රටක් ලෙස ක්‍රියාත්මක කළයුතු උපාය මාර්ගික වැඩපිළිවෙළ පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබෙනවා.

දේශගුණික විපර්යාස නිසා ඇතිවන දේශීය මෙන්ම ගෝලීය අභියෝගයන්ට මුහුණදීමට ශක්තිමත් වැඩපිළිවෙළක් අවශ්‍ය බව මෙහිදී පැවසු ජනාධිපතිවරයා ගෝලීය වශයෙන් එම අභියෝගය ජය ගැනීමේ දී ශක්තිමත් ජාත්‍යන්තර සහයෝගීතාවයක වැදගත්කම ද පෙන්වා දෙනු ලැබුවා.

සෑම කටයුත්තකදීම වැදගත්ම සාධකය වන්නේ මූල්‍ය ක්ෂේත්‍රය බවත්, දේශගුණික අභියෝගවලට මුහුණදිය හැකි අන්දමින් ශක්තිමත් ආර්ථිකයක් රට තුළ ගොඩනඟා ගැනීමේ අවශ්‍යතාවයත් ජනාධිපතිවරයා පැහැදිළි කළා.

ඒසේම දේශගුණික අභියෝග ජය ගැනිමේ දී ජාත්‍යන්තර සම්මුතීන්ට සහ න්‍යාය පත්‍රවලට අනුගතව කටයුතු කිරීමේ අවශතාව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පෙන්වා දී තිබෙනවා.

ශ්‍රී ලංකාවේ ස්ථාපිත කිරීමට යෝජිත දේශගුණික විපර්යාස පිළිබඳ විශ්වවිද්‍යාලය ජාත්‍යන්තර පර්යේෂණ මධ්‍යස්ථානයක් ලෙස පවත්වාගෙන යා යුතු බවත් එය දේශගුණික විපර්යාස අවම කිරීම පිළිබඳ ශ්‍රී ලංකාවේ කැපවීමේ සංකේතයක් විය යුතු බවත් ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළා.

දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජේවර්ධන මහතා මෙහිදී අදහස් දක්වමින් කියා සිටියේ දේශගුණික විපර්යාස පිළිබඳ යෝජිත විශ්වවිද්‍යාලය පිහිටුවීමේ කටයුතු පිළිබඳව කේම්බ්‍රිජ් ඇතුළු ලොව ප්‍රමුඛ පෙළේ විශ්වවිද්‍යාල සමඟ සාකච්ඡා කර තිබෙන බවයි.

එසේම ඉදිරියේ දී පැවැත්වීමට නියමිත දේශගුණික විපර්යාස සමුළුව (COP28) සඳහා ඉදිරිපත් කිරීමට යෝජිත කරුණු පිළිබඳව ද මෙහිදී සාකච්ඡාවට ලක් කෙරුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේසංවේදී වූ මෛත්‍රිපාල සිරිසේන - මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ..
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51