දේව අඩවියේ දී කතකට දිවි අහිමි කළ විෂ

තලවිල ශාන්ත ආනා දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යයට සහභාගී වීමට පැමිණ සිටි බැතිමතෙකු පොළඟෙකු දෂ්ට කිරීමෙන් ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.

දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ පෙරේදා (09) අලුයම් කාලයේ දී මරණකාරිය මෙම අනතුරට මුහුණපා ඇති බවයි.

මීගමුව – පෝරුතොට ප්‍රදේශයේ පදිංචි 49 හැවිරිදි කාන්තාවක් මෙලෙස ජීවිතක්ෂයට පත් ව ඇති අතර ඇය සමග සිටි 12 හැවිරිදි දරුවෙකු ද පොළඟා දෂ්ට කිරීමෙන් බරපතළ තත්ත්වයට පත් ව මීගමුව මහ රෝහලට ඇතුළත් කෙරුණා.

මරණකාරිය ද පොළඟා දෂ්ටනයෙන් පසු දින (08) ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේවෙතත් කුඩා දරුවාගේ සෞඛ්‍ය තත්ත්වය මේ වනවිට යථා තත්ත්වයට පත් ව තිබෙනවා.

මරණකාරිය සිය ඥාතීන් සමග දේවාල මංගල්‍යයට පැමිණ තාවකාලික කූඩාරමක් තුළ රාත්‍රිය ගත කරන අවස්ථාවේ දී මෙම අවාසනාවන්ත ඉරණමට මුහුණ පා ඇති බවයි පැවසෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
1
+1
13
+1
0
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පිරිත්, සිංදුවලින් කළුතර න.සභාවේ දී විපක්ෂේ මන්ත්‍රී වටේටම හොඳවැයින් අමතයි
03:43
Video thumbnail
මුජිබුර් පාර්ලිමේන්තුවේ ලෙසටම ෆයර්වෙයි.."කළුගගේ පීනුවා වගේ මුහුදේ පීනන්න බෑ.."
11:13
Video thumbnail
කතාව අස්සේ අර්චුනාට ආ කෑම ප්‍රශ්නය.."මොන මඟුල් පාර්ලිමේන්තුවක්ද මේක..කෑම නෑ පාර්ලිමේන්තුවේ
01:19
Video thumbnail
"මෙරට සිදුවූ සෑම ව්‍යසනයකදීම සාක්ෂිකාරයින් වුණේ පොලිසිය"වැටිච්ච තැනින් නැගිටින්න මේ හොඳම අවස්ථාව
10:21
Video thumbnail
විමල් වීරවංශ අපේ නායකයා හිටියනම් අද එක්කෝ ජනාධිපති නැත්තම් අගමැති වෙන්න තිබුණා
10:22
Video thumbnail
රෝහිණී පාර්ලිමේන්තුව දෙවනත් කරයි.."උද්#ච්චකම තියන් වැඩ කරන්න එපා Please"
09:17
Video thumbnail
කුකුල් කූඩුවකට රිංගූ සුදු නාගයෙකු දැඩි පරිශ්‍රමයක් දරා අල්ලාගත් හැටි.."මේකට ග#යි යකෝ ගනින් ගිහින්"
04:14
Video thumbnail
20 - 20 ලෝක කුසලානය තෙක් කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානකව පත්කරයි
03:05
Video thumbnail
ශාන්තිකර්මයක් කරන අස්සේ කපුවෙකුට‍ කිනිසි පෙන්නලා රත්තරං මංකොල්ල කෑ පුද්ගලයෙකුට වැඩ වරදියි
00:55
Video thumbnail
වැඩ තහනම් කෙරූ වෛද්‍ය බෙල්ලෙන බඩු මුට්ටුත් අකුලන් දොට්ට බහියී..රස්සාවක් නැතිවුණොත් මං හිඟා කනවා
02:13


?