දේවගැති ජෙරොම් සම්බන්ධයෙන් නියෝගයක්

මේ වන විට විදේශගත ව සිටින දේවගැති ජෙරොම් ප්‍රනාන්දු මෙරටට පැමිණෙන අවස්ථාවේ ගුවන් තොටුපොළේ දී ඔහු අත්අඩංගුවට නොගන්නා ලෙස දන්වමින් අභියාචනාධිකරණය අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත නියෝගයක් නිකුත් කළා.

දිවයිනට පැමිණීමෙන් අනතුරුව දේවගැතිවරයා පැය 48 ක් තුළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඩිජිටල් වෝහාරික විමර්ශන අංශයේ පෙනී සිට ප්‍රකාශයක් ලබාදිය යුතු බවත් අධිකරණය කළ නියෝගයේ සඳහන්.

ඉන් අනතුරුව අදාළ දේවගැතිවරයාට එරෙහි ව සාමාන්‍ය පරිදි නීතිමය ක්‍රියා පටිපාටිය අනුගමනය කළ හැකි බවත් අභියාචනාධිකරණය විසින් පොලීසියට නියෝග කරනු ලැබුවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තමන් ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරනු ලබන ලෙස ඉල්ලා දේවගැති ජෙරොම් ප්‍රනාන්දු විසින් ඉදිරිපත් කළ පෙත්සමක අතුරු නියෝගයක් ලබා දෙමිනුයි අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ චමත් මොරායස් යන විනිසුරු මඬුල්ල විසින් මෙම තීන්දුවට දෙනු ලැබුවේ.

ඉකුත් අප්‍රේල් මස දේව මෙහෙයක දී දේවගැති ජෙරොම් ප්‍රනාන්දු විසින් සිදුකළ ප්‍රකාශයක් දැඩි ආන්දෝලනයකට තුඩු දුන් අතර ඒ තුළින් ඔහු බුදුදහම ඇතුළු අන්‍යාගම්වලට අපහාසයක් සිදු කර ඇති බවට චෝදනා කරමින් විවිධ පාර්ශ්ව මගින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිලි ඉදිරිපත් කර තිබුණා.

ඉන් අනතුරුව පෙත්සම්කාර දේවගැතිවරයාට එරෙහි ව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත සහ මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ විමර්ශන ආරම්භ කළ අතර ඒ පිළිබඳ ව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර තිබුණා.

තමන්ට එරෙහි ව එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත යටතේ විමර්ශන සිදු කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ගත් තීරණය නීතියට පටහැනි බවත් එබැවින් තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින් දේවගැතිවරයා සිය නීතිඥවරුන් මාර්ගයෙන් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
5
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපතට පත් වූවන් සජිත් ළඟ දුක කියා හඬා වැටෙයි
04:09
Video thumbnail
ගංවතුරෙන් නිවාස ය#වීම නිසා කොටිකාවත්ත ගම්මු දැඩි අසරණවෙයි..සුද්ද කරන්න සුමාන දෙකක්වත් යයි
03:55
Video thumbnail
වෛද්‍යවරුන්ගෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්
13:27
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55


?