AFC Banner
AFC Banner
Empty Ad

දේවගැතිවරයාගේ වාහන අංගනයෙන් තවත් මෝටර් රථයක් හමුවෙයි

නීතිවිරෝධීව සුඛෝපභෝගී මෝටර් රථයක් සන්තකයේ තබා ගැනීමට අත්අඩංගුවට ගත් දේවගැතිවරයාගේ වාහන අංගනයේ තිබී තවත් සුඛෝපභෝගී මෝටර් රථයක් සොයා ගෙන තිබෙනවා.

මෙම මෝටර් රථය සොයාගෙන ඇත්තේ; මහනුවර – ගාල්තැන්න දේවාලයේ දේවගැතිවරයා සතු ව තිබියදියි.

පසුගියදා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කළ සැකකාර දේවගැතිවරයා සම්බන්ධයෙන් සිදු කළ විමර්ශනවලින් අනතුරුවයි මෙම මෝටර් රථය සොයා ගැනීමට විමර්ශන නිලධාරීන් සමත් ව ඇත්තේ.

මෙම සුඛෝපභෝගී මෝටර් රථයට සමාන අංකයක් ඇති මෝටර් රථයක් කුරුණෑගල – හෙට්ටිපොළ ප්‍රදේශයේ ඇති බවට පරීක්ෂණවලින් අනාවරණය වීමත් සමග අදාළ රථය පොලිස් භාරයට ගැනුණා.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ තෙල්දෙණිය අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් මෙහෙයවනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
4
+1
0
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?