දේදුණු දේශයේ මහරාජ් ලෝක කුසලානයේ සුපිරි 08 වටයේ ශ්‍රී ලංකා බලාපොරොත්තු දල්වයි

ශ්‍රී ලංකා කණ්ඩායමේ ලෝක කුසලාන ඉදිරි ගමනේ බලාපොරොත්තු දල්වමින් බංග්ලාදේශයට එරෙහි ව ඊයේ (10) පැවති තරගයෙන් තියුණු ජයක් වාර්තා කිරීමට දකුණු අප්‍රිකානුවන් සමත් වුණා.

නිව් යෝර්ක් හි නසාවූ ක්‍රීඩාංගණයේ පැවති මෙම තරගය දකුණු අප්‍රිකාව ජයගත්තේ ලකුණු හතරකින්.

මෙම තරගයේ කාසිය වාසිය දිනාගත් දකුණු අප්‍රිකානු නායකයා පළමු ව පන්දුවට පහරදීමට තීරණය කළා.

නිරන්තරයෙන් වෙනස් වෙන නසාවු තණතීරුවේ දකුණු අප්‍රිකාව පළමුව පන්දුවට පහරදීමට ගත් තීරණයට පළමු
පන්දු වාරයේ සිට ම අභියෝගයක් එල්ල කරන්නට බංග්ලාදේශය පන්දු යවන්නන් කටයුතු කළා.

ඒ, අනුව දකුණු අප්‍රිකානු ඉනිමේ පළමු කඩුලු තුන ඉතා අඩු ලකුණු සංඛ්‍යාවකට දවාගන්නට බංග්ලාදේශ පන්දු යවන්නන්ට හැකියාව ලැබුණා.

කෙසේ වෙතත් ආරම්භයේ දී කඩා වැටුණු දකුණු අප්‍රිකානු ඉනිමට මුක්කුවක් ගසන්නට හෙන්ඩ්‍රිච් ක්ලාසන් සහ ඩේවිඩ් මිලර් කටයුතු කළා.

එහිදි ක්ලාසන් ලකුණු 46ක් සහ මිලර් ලකුණු 29ක් රැස් කිරීමට සමත් වුණා.

පන්දු යැවීමේ දී තන්සිම් හසන් ලකුණු 18කට කඩුලු 03ක් සහ ටස්කින් අහමඩ් කඩුලු 02ක් බිද දැමුවා.

ඒ,අනුව දකුණු අප්‍රිකානු ඉනිම පන්දුවාර 20 අවසානයේ ලියවී තිබුණේ කඩුලු හයක් දැවී ලකුණු 113ක් ලෙසයි.

අනතුරුව බංග්ලාදේශය පිතිකරුවන් පිළිතුරු ඉනිම ආරම්භ කිරීමට පිටියට පිවිසියා.

බංග්ලාදේශය පිළිතුරු ඉනිමට ද දකුණු අප්‍රිකානු පන්දු යවන්නන්ගෙන් අභියෝගයක් එල්ල වූ අතර මුල්පෙළ පිතිකරුවන් සිව්දෙනෙක්ම අඩු ලකුණු සංඛ්‍යාවකට දවාගන්නට දකුණු අප්‍රිකානු වේග පන්දු යවන්නන්ට හැකියාව ලැබුණා.

බංග්ලාදේශ මුල්පෙළ එලෙස අසාර්ථක වෙද්දී මැදපෙළ පිතිකරු තව්හිඩ් රිඩෝයි සහ මහමදුල්ලාහ් රියාද් බංග්ලාදේශය පිළිතුරු ඉනිමට ජයග්‍රාහී බලාපොරොත්තු එක්කළ සබඳතාවක් ගොඩනැගුවා.

කෙසේ වෙතත් තව්හිඩ් ලකුණු 37ක් ලබාගෙන සිටිය දී කඩුල්ල මුවාකිරීමේ වරදට හසුකර ගැනීමට කගීසෝ රබාඩා සමත් වීමත් සමග තරගය යළි දකුණු අප්‍රිකාව දෙසට හැරුණා.

බංග්ලාදේශ කණ්ඩායමේ අත්දැකීම් බහුලතම තරග දිනවන්නා වන මහමදුල්ලාහ් රියාද් ඒ වන විටත් කඩුල්ලේ රැඳී සිටීම බංග්ලාදේශ ප්‍රේක්ෂකයින්ට තරමක අස්වැසිල්ලක් වුණා.

ඒ,අනුව බංග්ලාදේශයට තරගය ජයග්‍රහණය වෙනුවෙන් අවසන් පන්දුවාර තුළ ලකුණු 11ක තරමක පහසු ඉලක්කයක් හිමි ව තිබුණා.

එම ලකුණු 11 ආරක්ෂා කිරීමේ වගකීම පන්දුව අතට දෙමින් දකුණු අප්‍රිකානු නායක ඒඩ්න් මාක්‍රම් භාරකළේ දඟ පන්දු යවන ක්‍රීඩක කේෂ්ව් මහරාජ් හටයි.

ඒ, අනුව එම පන්දුවාරය තුළ මහමදුල්ලාහ්ගේ කඩුල්ල ද සමග බංග්ලාදේශ කඩුලු 02ක් බිඳ දමමින් ලකුණු 06කට සීමා කළ මහරාජ් දකුණු අප්‍රිකානුවන්ට සුපිරි ජයක් අත්කරදීමට සමත් වුණා.

බංග්ලාදේශය ලකුණු පුවරුව පන්දුවාර 20 අවසානයේ කඩුලු 07කට ලකුණු 109ක් ලෙස දැක්වුණු අතර, ඒ අනුව මෙම තරගයෙන් ලකුණු 04ක තියුණු ජයක් දකුණු අප්‍රිකාවට හිමි වුණා.

පන්දු යැවීමෙ දී කේෂ්ව් මහරාජ් කඩුලු 03ක් බිඳ දැමූ අතර රබාඩා සහ නොට්‍රිජ් අතරේ කඩුලු 02 බැගින් බෙදී ගියා.

මේ අතර දකුණු අප්‍රිකානු කණ්ඩායමේ මෙම ජයග්‍රහණය, ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 08 දෙනාගේ වටයට පිවිසීමේ අවිනිශ්චිත තත්ත්වයක සිටින ශ්‍රී ලංකා කණ්ඩායමට තරමක අස්වැසිල්ලක් වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
25
+1
9
+1
93
+1
3
+1
4
+1
7
+1
11
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි කොල්ලෝ සෙට් එකක් වෙළෙඳසැලකින් චොකලට් හොරකම් කරන හැටි..සියල්ල CCTV කැමරාවේ සටහන් වෙයි
02:52
Video thumbnail
අපි නැකැත් පත්‍රයක් දුන්නම රට ජෑම් වෙන්නේ නෑ..ආණ්ඩුවට දුන් කාලය ඉවරයි..l Dilith Jayaweera
04:16
Video thumbnail
පොලිසියත් එක්කද මේ බරටම ඩීල් දාන්නේ..?"සර්ට ඉෂානිගේ වැඩේ කරලා දෙන්නම්.."
05:06
Video thumbnail
ලසිත් මාලිංග ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන කිව්ව කතාව.."මට හිතුනා අපිට යම් තැනක් මිස් වුණාද කියලා"
04:33
Video thumbnail
විපක්ෂයේ එදා අනතුරු ඇගවීම අද ඇත්තක් වෙලා..තෙල් සමාගම් 3ක් තෙල් ලබාදීම සීමා කරලා තියෙන්නේ
03:05
Video thumbnail
"වැඩමවා වදාළ වනචාරී මහා සංඝරත්නයෙන් අවසරයි"මිහින්තලේ හිමි බණ කියන්න අවසර ගත් හැටි
02:46
Video thumbnail
හතරවටින්ම වේගපන්දු ක්‍රීඩකයන් සොයන මාලිංග..සනත්, ධම්මික ඇතුළු ප්‍රබලයින් සෙට් එකක්ම ඇවිත්
03:21
Video thumbnail
කරවනැල්ල නගරයේ ආයතනයක හදිසියේම ඇතිවූ මහ ගින්න..මෙන්න එහි නවතම දර්ශන
01:05
Video thumbnail
ඉන්ධන රස දන්නේ JVP කාරයෝ තමයි..ඉන්ධන ඉවරවෙන්න අපි කෑවද ඉන්ධන l Asela Sampath
01:24
Video thumbnail
ඉන්ධන සමාගමක් ඩීසල් ලබාදීම සම්පූර්ණයෙන් නතර කරලා ?පොරක් කියලා හිතපු කාංචනගේ කෙරුවාව හෙළිවෙයි
10:53