දෙහිවල වෙඩික්කරුවන් ආ යතුරුපැදිය හමුවෙයි

දෙහිවල දුම්රිය ස්ථානය ආසන්නයේ දී අද (18) පෙරවරුවේ සිදුකළ වෙඩි තැබීමට වෙඩික්කරුවන් පැමිණි බවට සැක කෙරෙන යතුරුපැදිය සොයාගෙන තිබෙනවා.

පිළියන්දල, විකල්ප මාර්ගයේ ශාන්ති විහාරය ආසන්නයේ දමාගොස් තිබිය දී අද පස්වරුවේ මෙම යතුරුපැදිය සොයාගත් බවයි පොලිසිය සඳහන් කළේ.

යතුරුපැදිය සමඟ ආරක්ෂක හිස් වැස්මක් ද එහි දමා ගොස් තිබිය දී සොයාගත් බවයි පොලිසිය වැඩිදුරටත් පැවසුවේ.

යතුරුපැදියට සවිකර තිබූ අංක තහඩුව මෝටර් රථයක ලියාපදිංචි අංක තහඩුවක් බවයි පොලිස් විමර්ශනවල දී අනාවරණය වී ඇත්තේ.

අද (18) පෙරවරුවේ සිදුකළ වෙඩි තැබීමෙන් වැල්ලවත්ත ප්‍රදේශයේ පදිංචි අවුරුදු 46ක බස් අසිත නැමැති පුද්ගලයෙක් තුවාල ලැබුවා.

තුවාල ලැබූ එම පුද්ගලයා ප්‍රතිකාර සඳහා කළුබෝවිල රෝහලට ඇතුළත් කෙරුණා.

වෙඩි තැබීමෙන් තුවාල ලැබූ බස් අසිත නැමැත්තා ප්‍රදේශයේ තවත් සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බව කියන බඩෝවිට අසංකගේ ළඟම ඥාතියෙකු බවයි වාර්තා වන්නේ.

සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ලෙස සැලකෙන ශාන්ත කුමාර හෙවත් කොස් මල්ලිගේ පාර්ශවය සහ බඩෝවිට අසංකගේ පාර්ශවය අතර පවතින ගැටුම්වල තවත් ප්‍රතිඵලයක් ලෙස මෙම වෙඩි තැබීම සිදුකරන්නට ඇති බවයි පොලිසිය සැකපළ කරන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
3
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වෙළඳසැලේ සේවිකාවත් නොමඟ යවා සොරා දුන්න ගේම
01:22
Video thumbnail
හෙල්මට් නැතුව ආවට දඬ ගැ#ව කියලා මුළු ගමම පොලිස් නිලධාරින් වටකරයි
01:13
Video thumbnail
"සෑම සංස්කෘතියකටම ගරු කරන, ජාතිවාදයෙන් තොර රටක් අපි හදනවා" l Anura Kumara Dissanayake
03:32
Video thumbnail
විදුලි කණුවට නැගපු තරුණයා පොලිසියෙන් රැගෙන යයි - මිනිස්සු උණුසුම් වෙයි.."මට පොලිසියෙන් හොඳටම ගැ#වා"
04:41
Video thumbnail
තරුණයෙක් විදුලි කණුවට නැගලා දාපු සෙල්ලම්..තරුණයා පහළට ගන්න පොලිසිය දැඩි උත්සහයක්
02:00
Video thumbnail
එක පැනීමක් ජීවිතයක් අහිමි කර තවත් ජීවිතයක් බරපතළ කරයි..බයික් එක ගන්න දෙයක් නෑ - කුඩේ කුඩු
01:19
Video thumbnail
හෙල්මට් නැතුව ආවට දඬ ගැ#ව කියලා මුළු ගමම පොලිස් නිලධාරින් වටකරයි..අපි ජීවිතේට හෙල්මට් දාන්නේ නෑ
07:26
Video thumbnail
ගාල්ල සමූපකාර කොමසාරිස් කාර්යාලයේ දැඩි උණුසුම් තත්ත්වයක්
10:14
Video thumbnail
අසේල කුපිත වී හොඳම එකෙන් දෙසයි.."මුන් අම්මා මුත්තා නැතිවෙන්න බුද්ධ ශාසනයට ග#නවා"
08:43
Video thumbnail
සොරදෙටුවගේ කුරුමාණම අතේ මාට්ටු නේද?..සේවිකාවටත් හිතා ගන්න බෑ සොරා දුන්න ගේම
02:32


?