දෙහිවල වෙඩික්කරුවන් ආ යතුරුපැදිය හමුවෙයි

දෙහිවල දුම්රිය ස්ථානය ආසන්නයේ දී අද (18) පෙරවරුවේ සිදුකළ වෙඩි තැබීමට වෙඩික්කරුවන් පැමිණි බවට සැක කෙරෙන යතුරුපැදිය සොයාගෙන තිබෙනවා.

පිළියන්දල, විකල්ප මාර්ගයේ ශාන්ති විහාරය ආසන්නයේ දමාගොස් තිබිය දී අද පස්වරුවේ මෙම යතුරුපැදිය සොයාගත් බවයි පොලිසිය සඳහන් කළේ.

යතුරුපැදිය සමඟ ආරක්ෂක හිස් වැස්මක් ද එහි දමා ගොස් තිබිය දී සොයාගත් බවයි පොලිසිය වැඩිදුරටත් පැවසුවේ.

යතුරුපැදියට සවිකර තිබූ අංක තහඩුව මෝටර් රථයක ලියාපදිංචි අංක තහඩුවක් බවයි පොලිස් විමර්ශනවල දී අනාවරණය වී ඇත්තේ.

අද (18) පෙරවරුවේ සිදුකළ වෙඩි තැබීමෙන් වැල්ලවත්ත ප්‍රදේශයේ පදිංචි අවුරුදු 46ක බස් අසිත නැමැති පුද්ගලයෙක් තුවාල ලැබුවා.

තුවාල ලැබූ එම පුද්ගලයා ප්‍රතිකාර සඳහා කළුබෝවිල රෝහලට ඇතුළත් කෙරුණා.

වෙඩි තැබීමෙන් තුවාල ලැබූ බස් අසිත නැමැත්තා ප්‍රදේශයේ තවත් සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බව කියන බඩෝවිට අසංකගේ ළඟම ඥාතියෙකු බවයි වාර්තා වන්නේ.

සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ලෙස සැලකෙන ශාන්ත කුමාර හෙවත් කොස් මල්ලිගේ පාර්ශවය සහ බඩෝවිට අසංකගේ පාර්ශවය අතර පවතින ගැටුම්වල තවත් ප්‍රතිඵලයක් ලෙස මෙම වෙඩි තැබීම සිදුකරන්නට ඇති බවයි පොලිසිය සැකපළ කරන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විශාල බෝ ගසක් කඩා වැටීමෙන් සිදු වූ විනාශය
01:22
Video thumbnail
නාවික හමුදාව වෙරළට බැහැලා දුන්න ෆුල් සුද්දය
00:49
Video thumbnail
කැමරාවේ සටහන් වූ අදාහා ගත නොහැකි දේ
00:49
Video thumbnail
නාමල් කරුණාරත්න ගැම්මට කිව්ව කතාව - වේගයෙන්ම සංවර්ධනය වන රටවලින් ලංකාව 4වෙනි තැනට ආවනේ
02:24
Video thumbnail
පොහොර ගැන කිසි ප්‍රශ්නයක් තියාගන්න එපා..හිඟයකින් තොරව දෙනවා
02:57
Video thumbnail
ජන බලයෙන් කළ හැකිදේ හෑල්ලුවට ලක් කරන්න එපා - සජිත් සැරවෙයි
13:18
Video thumbnail
නාවික හමුදාව වෙරළට බැහැලා දුන්න ෆුල් සුද්දය - කට්ටිය බැහැලම වැඩ
01:22
Video thumbnail
නිලධාරියෙක් නීතිය උල්ලංඝණය කළත් තනතුර නොබලා දඬුවම් කරනවා - හර්ෂණගෙන් සැර කතාවක්
04:15
Video thumbnail
බන්ධනාගාර තදබදය ගැන හර්ෂණ කට අරියි - බන්ධනාගාරයේ බිත්ති හතර ඇතුළේ තියෙන ප්‍රශ්නයක්ම නෙවෙයි
03:21
Video thumbnail
සීට් බෙල්ට් නීතිය අකුරටම ක්‍රියාත්මක කරන පොලිසිය
01:15