දෙවුන්දර ද්විත්ව ඝාතනයට තවත් අයෙක් අල්ලයි

පසුගිය 21 වනදා රාත්‍රියේ ගන්දර පොලිස් වසමේ දෙවුන්දර ශ්‍රී විෂ්ණු දේවාලය අසල දී වෙඩි තබා දෙදෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියට අවශ්‍යව කර සිටි තවත් සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම සැකකරු පෙරේදා (23) උදෑසන මාතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

අත්අඩංගුවට ගැනුණු සැකකරු 34 හැවිරිදි වියේ පසුවන දෙවුන්දර ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි.

මෙම අපරාධය සම්බන්ධයෙන් මීට පෙර කතාවක් ඇතුළු සිව්දෙනෙක් අත්අඩංගුවට ගැනුණා.

අත්අඩංගුවට ගත් කාන්තාව ඇතුළු සැකකරුවන් සිව්දෙනාගෙන් පොලීසිය මේ වනවිට රැඳවුම් නියෝග මත ප්‍රශ්න කරමින් සිටින අතර, ඔවුන්ගෙන් සිද්ධිය සම්බන්ධයෙන් වැදගත් තොරතුරු රැසක් අනාවරණ කරගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් එක් සැකකරුවෙක් ඝාතනයට ලක් වූ තරුණයන් දෙදෙනාගේ සමීපතමයෙක් වන අතර, ඔහු ප්‍රසිද්ධ දුරකථන සමාගමක රැකියාවේ නියුතු අයෙක් බවයි වාර්තා වන්නේ.

එමෙන්ම අත්අඩංගුවට ගත් කාන්තාව ඝාතන කොන්ත්‍රාත්තුව ලබාගත් බවට සැකකරන පුද්ගලයාගේ 30 හැවිරිදි බිරිඳ බවටයි හෙළිව ඇත්තේ.

මෙම ඝාතනය මෙහෙය වූ බව කියන දෙහිගෙදර බාලේ නැමැත්තාගේ ඥාතියෙකු ද අත්අඩංගුවට ගෙන තිබූ අතර ඔහු ව්‍යාපාරිකයෙක්.

අත්අඩංගුවට ගැනුණු සිව්වැනි සැකකරු වෙඩික්කරුවන්ට නවාතැන් සැපයීම අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු බාලේ මල්ලි නැමැත්තාගේ මත්ද්‍රව්‍ය ජාලය මෙරට සිට මෙහෙයවන පුද්ගලයා බවයි අනාවරණය වී ඇත්තේ.

මේ අතර මෙම වෙඩි තැබීමට සම්බන්ධ වෙඩික්කරුවන් දෙදෙනා මේ වන විට හඳුනාගෙන ඇතැයි පොලීසිය පවසනවා.

එම වෙඩික්කරුවන් අත්අඩංගුවට ගැනීමට විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවා ඇති බව පොලීසිය සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ට්‍රම්ප්ට කාදිනල්තුමා සැරටම කියයි
01:38
Video thumbnail
පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ආණ්ඩුවේ අයට හදාගෙන ඉන්නේ
05:24
Video thumbnail
අනුර කයිවාරුව නවත්තපන් - මේකාට හොරු අල්ලන්න බෑ
04:21
Video thumbnail
හිටපු ජනපති මහින්ද, ගෝඨාභය, මහින්ද විජේසේකරට සමුදෙන්න පැමිණෙයි..මහින්ද දැක්ක ගමන් ඔක්කොම වඳියි
01:15
Video thumbnail
මහ රෑ අලි ප්‍ර#රයකින් පස්දරු පියෙක් එතනම එළොව ගිහින්..බිරිඳ හැඩූ කඳුලින් වෙච්ච දේ හෙළිකරයි
06:10
Video thumbnail
මරික්කාර් ආණ්ඩුවට කට උත්තර නැති වෙන්නම කියයි..අම්මටහුඩු අම්මලා හිතුවේ බඩුමිල අඩුවෙයි
05:40
Video thumbnail
දිය නෑමට ගිය පාසල් සිසුවෙක් දියට වැ# අතුරුදහන්.."තියෙනවද බොඩිය..හොයාගන්න බෑ ඇතුළේ"
01:13
Video thumbnail
කාසල්රි ජලාශ‍යේ ලොකුම දූපතේ හදිසියේම ඇතිවූ ගින්න
00:24
Video thumbnail
මහින්දට සමුදෙන්න සජිත් ප්‍රේමදාසත් එයි..කට්ටිය වටවෙලා ලොකු කතාවක්
01:06
Video thumbnail
අවු:7කට උඩදි වුණ පාස්කු සිද්ධිය නිසා අපේ වින්දිතයින් තාම දුක් විදිනවා..කෑමොර දීලා සාධාරණය ඉල්ලන්නේ
02:49