දෙවැනි T20 ජය ශ්‍රී ලංකාවට – හෙට තරගය දෙපිළටම තීරණාත්මකයි

සංචාරක බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහි තීරණාත්මක දෙවැනි පන්දුවාර 20 ක්‍රිකට් තරගයෙන් ලකුණු 73ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට සත්කාරක ශ්‍රී ලංකාව ඊයේ (15) සමත් වුණා.

තරගය දෙරට අතර රාත්‍රී 7.00ට රංගිරි දඹුල්ලේ දී ආරම්භ වූයේ නායක චරිත් අසලංක හට කාසියේ වාසිය හිමිකර දෙමින්.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ දී කඩුලු 05ක් දැවී ලකුණු 162ක් වාර්තා කළා.

පළමු කඩුල්ලට 77ක විශිෂ්ට සබඳතාවක් එක් කළ ආරම්භක පිතිකරු යුවළ වන පැතුම් නිස්සංක සහ කුසල් මෙන්ඩිස් ශ්‍රී ලංකා ඉනිම ශක්තිමත්ව ගොඩනැගුවා.

පැතුම් නිස්සංක ජාත්‍යන්තර පන්දුවාර 20 පිටියේ 12 වැනි අර්ධ ශතකය වාර්තා කිරීමට සමත් වුණා.

කුසල් මෙන්ඩිස් ලකුණු 26ක් ද කුසල් පෙරේරා ලකුණු 24ක් ද රැස් කළා.

කඩුලු බිඳ දැමීමේ දී රොමාරියෝ ශෙපර්ඩ් කඩුලු 02ක් හා එක් කඩුල්ල බැගින් අල්සාරි ජෝසප්, ශමර් ජෝසප්, ශමර් ස්පින්ගර් විසින් බිඳ හෙලනු ලැබුවා.

තරගය ජයග්‍රහණය කර තරගාවලි ජයක් වාර්තා කිරීම අරමුණු කරගනිමින් පිටියට ආ බටහිර ඉන්දීය කොදෙව්වන්ට ආරම්භයේ සිටම පීඩනකාරී පන්දු යැවීමක නිරත වූ ශ්‍රී ලංකා කණ්ඩායම සියලුම පිතිකරුවන් ව ලකුණු 89කට සීමා කිරීමට සමත් වුණා.

පළමු තරගයේ දී විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ බ්‍රැන්ඩන් කින්ග් මෙවර ලකුණු 05කට දැවී ගියේ දුනිත් වෙල්ලාලගේ පන්දුවකට හසුවෙමින්.

රොමාරියෝ ශෙපර්ඩ් ලකුණු 20ක් ලබාගත්තේ තරගයේ ඊයේ දිනයේ දී වැඩිම ලකුණුලාභීත්වය තමන් නමට හරවා ගනිමින්.

කඩුලු බිඳ දැමීමේ දී දඟ පන්දු ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ ලකුණු 09කට කඩුලු 03ක් දවාගත්තා.

මහීෂ් තීක්ෂණ, වනිඳු හසරංග සහ චරිත් අසලංක කඩුලු 02ක බැගින් බිඳ දැමුවා.

මතීෂ පතිරණ එක් කඩුල්ලයි.

තරගයේ වීරයා සම්මානය පැතුම් නිස්සංක විසින් දිනා ගනු ලැබුවා.

දෙරට අතර තරගාවලි ජය තීරණය කෙරෙන අවසන් 20-20 තරගය හෙට (17) රාත්‍රී 07ට දඹුල්ලේ දී ආරම්භ වනු ඇති.

ශ්‍රී ලංකාව සහ කොදෙව්වන් අතර ටී20 තරග 16ක් පවත්වා ඇති අතර දෙපාර්ශ්වය ම තරග 08 බැගින් ජයගෙන තිබෙනවා.

ශ්‍රී ලංකාව සිය මව්බිමේ දී තරග 02ක් ද කොදෙව්වෝ සිය මව්බිමේ දී තරග දෙකක් ශ්‍රී ලංකාවට එරෙහිව ජයගෙන තිබීම විශේෂත්වයක්.

එබැවින් හෙට තරගය දෙපාර්ශ්වයට ම අතිශය තීරණාත්මක වනු ඇති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සෝමාවතියේ චෛත්‍යය මළුව ජල කඳින් ය#වෙලා..මහ ජලකඳ මැද්දේ අලියෙක් සෙල්ලම් කරන හැටි
01:13
Video thumbnail
සර් මට පොල්ලක් කැඩෙනකම් ගැ#වා - මාව වෙව්ලුවා..මව කඳුළු වගුරමින් දරුවාට වූ අසාධාරණය හෙළිකරයි
07:10
Video thumbnail
ආණ්ඩුව ඔක්කොම අනාගන්නවා - කිසිම සැලැස්මක් නෑ
07:09
Video thumbnail
76ක පාලනය ඇතුළත ඖෂධ බ්‍රිතාන්‍ය ප්‍රමිතියෙන් පහළට ගෙනාවේ නෑ..ජීවිතය ඉල්ලගෙන එන ලෙඩාව ම# දාන ආණ්ඩුවක්
12:38
Video thumbnail
දින 23කට පසු උඩරට මැණිකේ බදුල්ලෙන් අඹේවෙල දක්වා ගමන් අරඹයි..අත්දැකීම විඳගන්න සිය ගාණක් අද එකතුවෙලා
02:10
Video thumbnail
මේ කියන්නේ උඹලා බෙහෙත් බීලා මැ#යල්ලා නැත්තම් නොබී මැ#යල්ලා කියලද? විෂ වුණොත්ලු පියවරක් ගන්න වෙන්නේ
05:34
Video thumbnail
සුදු ජාතික කාන්තාවෝ මැද්දෙ සමන්තයි,සංචාරක නි.ඇමතියි පපරේ සද්දෙට දැම්ම සුපිරිම සුපිරි ඩාන්ස් එක
01:35
Video thumbnail
මිහින්තලේ හිමිගෙන් ආණ්ඩුවට සැර අවවාදයක්..විකාර කියවන්නේ නැතුව..රට වැ#ච්ච ප්‍රපාතයෙන් ගොඩ ගන්න
01:21
Video thumbnail
රා ලොරියට,ලංගමයේ ආ මගීන් දෙදෙනෙකු ගැ# එක් අයෙකු එළොව යයි.."තාම හුස්ම තියෙනවා - ඉක්මනට අරන් යමන්"
05:04
Video thumbnail
Kasthirama | වත්මන් දේශපාලන තත්ත්වයේ වි-පාක්ෂික කියවීම - කස්තිරම විශේෂ වැඩසටහන සජිවීව
01:13:05


?