දෙවැනි T20 ජය ශ්‍රී ලංකාවට – හෙට තරගය දෙපිළටම තීරණාත්මකයි

සංචාරක බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහි තීරණාත්මක දෙවැනි පන්දුවාර 20 ක්‍රිකට් තරගයෙන් ලකුණු 73ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට සත්කාරක ශ්‍රී ලංකාව ඊයේ (15) සමත් වුණා.

තරගය දෙරට අතර රාත්‍රී 7.00ට රංගිරි දඹුල්ලේ දී ආරම්භ වූයේ නායක චරිත් අසලංක හට කාසියේ වාසිය හිමිකර දෙමින්.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ දී කඩුලු 05ක් දැවී ලකුණු 162ක් වාර්තා කළා.

පළමු කඩුල්ලට 77ක විශිෂ්ට සබඳතාවක් එක් කළ ආරම්භක පිතිකරු යුවළ වන පැතුම් නිස්සංක සහ කුසල් මෙන්ඩිස් ශ්‍රී ලංකා ඉනිම ශක්තිමත්ව ගොඩනැගුවා.

පැතුම් නිස්සංක ජාත්‍යන්තර පන්දුවාර 20 පිටියේ 12 වැනි අර්ධ ශතකය වාර්තා කිරීමට සමත් වුණා.

කුසල් මෙන්ඩිස් ලකුණු 26ක් ද කුසල් පෙරේරා ලකුණු 24ක් ද රැස් කළා.

කඩුලු බිඳ දැමීමේ දී රොමාරියෝ ශෙපර්ඩ් කඩුලු 02ක් හා එක් කඩුල්ල බැගින් අල්සාරි ජෝසප්, ශමර් ජෝසප්, ශමර් ස්පින්ගර් විසින් බිඳ හෙලනු ලැබුවා.

තරගය ජයග්‍රහණය කර තරගාවලි ජයක් වාර්තා කිරීම අරමුණු කරගනිමින් පිටියට ආ බටහිර ඉන්දීය කොදෙව්වන්ට ආරම්භයේ සිටම පීඩනකාරී පන්දු යැවීමක නිරත වූ ශ්‍රී ලංකා කණ්ඩායම සියලුම පිතිකරුවන් ව ලකුණු 89කට සීමා කිරීමට සමත් වුණා.

පළමු තරගයේ දී විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ බ්‍රැන්ඩන් කින්ග් මෙවර ලකුණු 05කට දැවී ගියේ දුනිත් වෙල්ලාලගේ පන්දුවකට හසුවෙමින්.

රොමාරියෝ ශෙපර්ඩ් ලකුණු 20ක් ලබාගත්තේ තරගයේ ඊයේ දිනයේ දී වැඩිම ලකුණුලාභීත්වය තමන් නමට හරවා ගනිමින්.

කඩුලු බිඳ දැමීමේ දී දඟ පන්දු ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ ලකුණු 09කට කඩුලු 03ක් දවාගත්තා.

මහීෂ් තීක්ෂණ, වනිඳු හසරංග සහ චරිත් අසලංක කඩුලු 02ක බැගින් බිඳ දැමුවා.

මතීෂ පතිරණ එක් කඩුල්ලයි.

තරගයේ වීරයා සම්මානය පැතුම් නිස්සංක විසින් දිනා ගනු ලැබුවා.

දෙරට අතර තරගාවලි ජය තීරණය කෙරෙන අවසන් 20-20 තරගය හෙට (17) රාත්‍රී 07ට දඹුල්ලේ දී ආරම්භ වනු ඇති.

ශ්‍රී ලංකාව සහ කොදෙව්වන් අතර ටී20 තරග 16ක් පවත්වා ඇති අතර දෙපාර්ශ්වය ම තරග 08 බැගින් ජයගෙන තිබෙනවා.

ශ්‍රී ලංකාව සිය මව්බිමේ දී තරග 02ක් ද කොදෙව්වෝ සිය මව්බිමේ දී තරග දෙකක් ශ්‍රී ලංකාවට එරෙහිව ජයගෙන තිබීම විශේෂත්වයක්.

එබැවින් හෙට තරගය දෙපාර්ශ්වයට ම අතිශය තීරණාත්මක වනු ඇති.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14
Video thumbnail
පාරිභෝගිකයගේ පරිභෝජන රටාව අපිට බලපානවා - 1%ත් වඩා අඩුවෙන් විදුලියෙන් ධාවනය වන වාහන තියෙන්නේ
03:47
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි - එයාලා සීතල පුටුවල ඉන්නවා - අපි ජරාවේ ඉන්නවා
11:14
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46