AFC Banner
AFC Banner
Empty Ad

දෙවැනි වරටත් බයිඩ්න්ට කොවිඩ්

අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් හට නැවතත් කොවිඩ් වෛරසය ආසාදනය වී තිබෙනවා.

එරට මාධ්‍ය වාර්තා කරන්නේ; බයිඩ්න් කොවිඩ් රෝගියෙකු බව සිදු කළ පරීක්ෂාවකින් හෙළි ව ඇති බවයි.

ගෝලීය වසංගතයක් ලෙස කොවිඩ් රෝගය දරුණු ලෙස ව්‍යාප්ත වන අවධියේ දී ද බයිඩ්න් හට මෙම වෛරසය වැළඳුණා.

මේ වනවිට 81 හැවිරිදි වියෙහි පසුවන බයිඩ්න් හට සෙම්ප්‍රතිශ්‍යාව, කැස්ස ආදි රෝග ලක්ෂණ හේතුවෙන් සිදු කරන ලද පී. සී. ආර්. පරීක්ෂණයකින් අනතුරුව මෙම රෝගය යළිත් වැළඳී ඇති බවට සනාථ වූ බවයි.

බයිඩ්න් ජනාධිපතිවරයාගේ සෞඛ්‍ය තත්ත්වය බරපතළ නොවන බවත් වාර්තා වනවා.

ඔහු මේ වනවිට ඩෙලවෙයාර් හි රෙහොබොත් වෙරළ සමීපයෙහි පිහිටි සිය නිවසට නිරෝධායනය කටයුතු සඳහා යොමු කර තිබෙනවා.

ධවල මන්දිරය පැවසුවේ ජනාධිපතිවරයා හට වෛද්‍ය අධීක්ෂණ යටතේ ප්‍රතිකාර කෙරෙන බවයි.

එමෙන්ම එරට සෞඛ්‍ය අංශ පවසන පරිදි බයිඩ්න් මේ වනවිට කොවිඩ් ප්‍රතිශක්තීකරණ එන්නත් සියල්ල ම ලබාගෙන ඇති බවත් සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?