දෙවැනි වරටත් බයිඩ්න්ට කොවිඩ්

අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් හට නැවතත් කොවිඩ් වෛරසය ආසාදනය වී තිබෙනවා.

එරට මාධ්‍ය වාර්තා කරන්නේ; බයිඩ්න් කොවිඩ් රෝගියෙකු බව සිදු කළ පරීක්ෂාවකින් හෙළි ව ඇති බවයි.

ගෝලීය වසංගතයක් ලෙස කොවිඩ් රෝගය දරුණු ලෙස ව්‍යාප්ත වන අවධියේ දී ද බයිඩ්න් හට මෙම වෛරසය වැළඳුණා.

මේ වනවිට 81 හැවිරිදි වියෙහි පසුවන බයිඩ්න් හට සෙම්ප්‍රතිශ්‍යාව, කැස්ස ආදි රෝග ලක්ෂණ හේතුවෙන් සිදු කරන ලද පී. සී. ආර්. පරීක්ෂණයකින් අනතුරුව මෙම රෝගය යළිත් වැළඳී ඇති බවට සනාථ වූ බවයි.

බයිඩ්න් ජනාධිපතිවරයාගේ සෞඛ්‍ය තත්ත්වය බරපතළ නොවන බවත් වාර්තා වනවා.

ඔහු මේ වනවිට ඩෙලවෙයාර් හි රෙහොබොත් වෙරළ සමීපයෙහි පිහිටි සිය නිවසට නිරෝධායනය කටයුතු සඳහා යොමු කර තිබෙනවා.

ධවල මන්දිරය පැවසුවේ ජනාධිපතිවරයා හට වෛද්‍ය අධීක්ෂණ යටතේ ප්‍රතිකාර කෙරෙන බවයි.

එමෙන්ම එරට සෞඛ්‍ය අංශ පවසන පරිදි බයිඩ්න් මේ වනවිට කොවිඩ් ප්‍රතිශක්තීකරණ එන්නත් සියල්ල ම ලබාගෙන ඇති බවත් සඳහන්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39