දෙවන 20-20 තරග අද – තරගාවලිය කල්තියාම ජයගැනීමේ අපේක්ෂාවෙන් ශ්‍රී ලංකාව තරග බිමට

ශ්‍රී ලංකා කණ්ඩායම සහ සංචාරක බංග්ලාදේශය අතර තරග තුනකින් සමන්විත විස්සයි විස්ස තරගාවලියේ දෙවන තරගය අද (13) දඹුල්ලේ දී පැවැත්වීමට නියමිතයි.

දෙරට අතර පැවති පළමු තරගය ජයගත් ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රාහී මානසිකත්වයකින් අද තරගයට පිවිසෙන අතර, මෙම තරගයට ජයගෙන තරගාවලියට යළි පිවිසීමේ අපේක්ෂාවෙන් බංග්ලාදේශය අද තරගය සඳහා පිවිසෙනවා.

මේ අතර දෙපිළම ඊයේ (12) දිනයේ දී දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී සිය අවසන් පුහුණු සැසි සඳහා එක්ව සිටියා.

අද තරගය සඳහා පළමු තරගය ක්‍රීඩක කළ ශ්‍රී ලංකා කණ්ඩායම ම ක්‍රීඩා කරනු ඇති බවට දඹුල්ලෙන් තොරතුරු වාර්තා වන අතර, පළමු තරගයෙන් පරාජය ලැබූවත් අද තරගයේ දී බංග්ලාදේශය එම කණ්ඩායම කෙරෙහිම විශ්වාසය තබනු ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

මේ අතර අද පැවැත්වෙන දෙවන විස්සයි විස්ස තරගයේ ප්‍රවේශ පත්‍ර සියල්ලම අලෙවි වී අවසන් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පෙරේදා දිනයේ දී නිවේදනය කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
3
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විෂ බෙහෙත් ගැන ජගත් විතානගෙන් විශේෂ හෙළිදරව්වක්.."මල් කැකුළක් අකාලයේ නැතිවුණේ..මේක ඝා#නයක්"
06:25
Video thumbnail
කඩුගන්නාව නගර සභාවේ බලය සජබයට රැකගන්න බැරිවෙලා
02:02
Video thumbnail
මල් පැල කියලා ඇවිත් තියෙන්නේ ගංජාකාරයෝ ටිකක්
03:06
Video thumbnail
විශේෂ පාර්ලිමේන්තු විවාදය 2025.12.18
03:35:08
Video thumbnail
අන්ධවෙලා දුර්වල මට්ටමක සිටි අලියව සංවිධානාත්මකව දිවි අහිමි කරලා..මේ කරන දේවල් තමයි රටට පළදෙන්නේ
02:36
Video thumbnail
චාමර කෑගහලා කිව්ව කතාව බොරුවක් වුණ හැටි මෙන්න..
01:50
Video thumbnail
යුරෝපා සංගමයෙන් දුන් ඇස් උඩයන තෑග්ග..කොහොමද බඩුටික දැක්කමත් පුදුමයිනේ ?
01:10
Video thumbnail
විශාල බෝ ගසක් කඩා වැටී බස් රථ දෙකකට හානි
01:50
Video thumbnail
උඩුනුවර ප්‍රාදේශීය සභාව දැඩි උණුසුම්වෙයි..SJB මන්ත්‍රීවරයෙක් පොත ඉරා දමයි..ඔයා යුක්තිගරුක වෙන්න..
19:49
Video thumbnail
ජනාධිපතිතුමා නිදි නැතුව දැඩි පීඩනයෙන් හිටියේ - අපි අගයන්න ඕනේ
07:11


?